2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පැවසීය.
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
පසුගිය වසර දෙක තුළ පොසොන් පිංකමට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබූ අතර මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම විශේෂ සිදුවීමකි.










