දෛවය ජීවිතයට ලබාදෙන ඇතැම් අවස්ථා කෙතරම් වාසනාවන්තදැයි හැඟෙන සිදුවීමක් ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වුණි.Sri Lanka Latest News
ඒ, ගුවන්තොටුපොළට පැමිණීමට මිනිත්තු 10ක් ප්‍රමාද වී ගුවන් යානය මඟහැරුණු නිසා දිවි සුරැකුණු කාන්තාවගේ කතාවයි.
සිය සැමියා සහ දරුවා සමග එංගලන්තයේ ජීවත්වන ඇය නමින් භූමි චෞහාන්.
දෙවසරකට පසු නිවාඩුවකට ඉන්දියාවට පැමිණ මව්පියන් බැහැදුටු ඇය යළි එංගලන්තය බලා පිටත්වීමට ඊයේ (12) ගුවන්තොටුපොළට ගොස් තිබුණි.
නමුත් අහමදාබාද් හි පැවති දැඩි රථවාහන තදබදය නිසා ඇය ගුවන්තොටුපොළට පැමිණෙන්නේ විනාඩි 10ක් ප්‍රමාදවය.
ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව අහිමි වුණු ඇය යළි ගුවන් තොටුපොළෙන් පිටතට යන්නට සූදානම් වෙද්දී මෙම අනතුර ගැන අසන්නට ලැබී තිබේ.
මේ ගැන අදහස් දැක්වූ භූමි,
“මම භූමි චෞහාන්. මම ගුවන්තොටුපොළට එනකොට 1.30 විතර වෙලා…ගුවන් ගමනට එකතු වෙන්න පමා වැඩියි. අනතුර ගැන දැනගත්තහම මගේ මුළු ඇඟම හිරිවැටුණා වගේ.”
ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී සිදුවූ දරුණු ගුවන් අනතුරින් මෙතෙක් වාර්තාවූ මරණ සංඛ්‍යාව 265ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය පවසයි.










