ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
සිය අමාත්‍යංශ ලේකම්වරයා සමග රාජකාරී කළ නොහැකි වීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබුණද ඊට නිසි ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොතිබීමද මේ සදහා බලපා ඇති හේතුවක් බව වාර්තා වේ.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු සිය ඉල්ලා අස්වීම පිළිබදව දැනුම් දීමට මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
මේ වනවිට තවත් අමාත්‍යවරයෙක්ද සිය තනතුරින් ඉල්ලා අස්වීම සදහා වූ ලිපිය සකස් කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් බලා සිටින බවද දැනගන්නට තිබේ.