ජනතාව විසින් සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ඇති කරුණු නොසලකා හැරීමෙන් අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් නිවාරණ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු ඇඟවීය.
මීගමුවේ මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ ජනතාව තවදුරටත් අවවාද කිරීම සුළු කොට තැකීමක් කළහොත් දැවැන්ත අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.
“අපි දැනට සිටින්නේ රෝගීන් 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන සන්ධිස්ථානයක. මරණ සංඛ්‍යාව 20ක් පමණ වාර්තා වෙනවා,” යැයි කී ඇය ඒ සමඟම, ප්‍රදේශ කිහිපයක ආසාදන වීමේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව පැවසුවාය.
“මෙම තත්ත්වය යටතේ, ජනතාව විශේෂයෙන් පිටතට යන විට සෞඛ්‍ය නීති සහ මාර්ගෝපදේශ පිළිපැදීම සැලකිය යුතු කරුණක්,’ බව රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.
‘වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල සඵලතාවය බොහෝ දුරට රඳාපවතින්නේ පුද්ගල හැසිරීම් මත.” බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.