හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ පවසනවා. (Sri Lanka Latest News)
ඔහු අද (09) මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ සිලින්ඩරයෙන් මෙවර ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සිටින වැඩි පිරිසක් පාර්ලිමේන්තු යෑවිය යුතු බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ, ජනාධිපතිවරයාව පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටිනවා ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බව ඔහු කියා සිටියා.
එම පිරිස් ජයග්‍රහණය ලැබුවාහම ඔළුව උදුම්මාගෙන සිටින බවත් එවැනි අය පරාජයට පත්විය යුතුම බව ඔහු මෙහිදී පවසා සිටියා.
එවැනි පිරිස් පරාද වී සෑබෑ එක්සත් ජාතික පක්ෂයේ අය පාර්ලිමේන්තු යෑවිමට කටයුතු කළ යුතු බව ආශු මාරසිංහ මෙහිදී කියා සිටියා.
තව ද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අවස්ථාවලදී පෙනෙන්නටවත් නොමැති බව ඉදිරියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත් කිරීමට කටයුතු කරන බව ආශු මාරසිංහ වැඩිදුරටත් කියා සිටියා.
hirunews











