රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සිදුවූ සිද්ධිය පිළිබද විමර්ශනය කිරීීමේදී ඊට පෙර නිවසේ සිටි මෙහෙකාර තරුණියකට අතවර කිරීමේ තොරතුරුද මේ වනවටි අනාවරණය වෙමින් ඇත.
ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන එම තරුණියගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.