වෙරිටේ රිසර්ච් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙන ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත.
ඒ සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනය – 2022 ජූලි 19
70%ක් රටේ පුරවැසියන් විධායක ජනපති ක‍්‍රමයට අහෝසි කළ යුතු බව කියයි!
වෙරිටේ රිසර්ච් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත.
විධායක ජනපති ක‍්‍රමය එළෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසකි.
සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි පුරවැසියන් 1052ක් ඇසුරින් මෙම ජනමත විමසුම සිදුකර තිබේ.
තවත් 15%ක පිරිසක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි නොකර සංශෝධිත බලයන් යටතේ පවත්වාගත යුතුව තිබෙණ බව සහ, පොදුවේ මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබෙණ කාණ්ඩය නියෝජනය කරයි.
මෙම ජනමත විමසුමට ලැබී තිබෙණ ප‍්‍රතිචාර සැළකිල්ලට ගත්විට විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමට පක්ෂව සියලූම වයස් කාණ්ඩයන් පොදුවේ එකම අදහසක සිටින බවත් පෙනී යයි. දිස්ති‍්‍රක් මට්ටමින් ගත් විට ද, උතුර හෝ දකුණ යැයි මෙම මතයේ වැඩි වෙනසක් හඳුනාගන්නට නොමැති අතර, 80%ට වඩා වැඩි පිරිසක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන්නට පක්ෂව අදහස් දක්වා ඇත.











