• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුලියාපිටිය තරුණයා මැරුවාට වයඹ තවත් දේශපාලනඥයෙක් – හිටපු DIG කෙනක් ගෑවිලා! පොලිසිය දෙන්නාගෙන්ම ප්‍රශ්න කරන්න ලෑස්තියි! සැකකාර සිඟිති හැංගිලා හිටපු දවස් ටිකේ දිගින් දිගටම මේ දෙන්නාට ‌ඇමතුම් අරන්! තරුණිය ප්‍රකාශ දීලා තියෙන්නේ ලැබුණු නීති උපදෙස් අනුවලු!  I Sri Lanka Latest News

May 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නි‍ෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂතයේ අතහැර දැමීම සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ වයඹ පළාතේ තවත් ප්‍රබල දේශපාලනඥයකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සූදානමින් සිටියි. Sri Lanka Latest News

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා වයඹ පළාතේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය අයකු වන අතර ඔහුගේ බිරිය මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඥාතියෙක් බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. ප්‍රධාන සැකකරු වන සිඟිති සහ ඔහුගේ බිරිය පොලිසියට භාරකරන බව පවසා පොලිසිය නොමග යවා ඔවුන් දෙදෙනාව අධිකරණයට භාරකරවා ඇත්තේ ද එම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා බව විමර්ශනයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සිඟිති වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන අයකු බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. නීතිඥවරුන් ද වන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගෙන් සිඟිති නීති උපදෙස් ද ලබාගෙන ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. දුරකතන ජාල විමර්ශනයකදී අදාළ දේශපාලනඥයන්ට සිඟිති එම දිනවල එක දිගට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව ද පැහැදිලිව අනාවරණය වී තිබේ.

එසේ සිඟිති විසින් ඇමතුම් ගත් වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන නීතිඥ අතුල විජේසිංහ මහතාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඒ අනුව ඉදිරියේදී අනෙක් දේශපාලනඥයාගෙන් ද ප්‍රකාශ සටහන්කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියා කීය.

පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අය අතර ප්‍රධාන සැකකරු සිඟිති, සිඟිතිගේ බිරිඳ හා සිඟිතිගේ මවුපියෝ ද සිටිති. ඒ හැරුණුකොට සිඟිති මෙම ඝාතනයට වැලිමඩින් කුලියට ගෙන්වාගත් වඩු කාර්මිකයන් දෙදෙනා ද සිඟිතිගේ මස්සිනා ද සිටිති. මස්සිනාගේ බිරිඳ මේ වන විට අත්අඩංගුවට ගෙන නැති අතර ඇය මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරියක් බව පොලිසිය කියයි.

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව සුසිත් ජයවංශ නැමැති තරුණයා වස්සාවුල්ලේ නි‍ෙවසට කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති බවය. එහිදී සිඟිතිගේ දියණිය විවහා කර ගැනීමට මෙම තරුණයා සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තරුණයාව කාමරයකට දමා පහරදී ඇති බව ද අනාවරණය වී තිබේ. එම පහරදීම සිදුව ඇත්තේ රේඩියෝවේ ශබ්දය වැඩිකර තරුණයාගේ කෑ ගැසීම් හඬ නොඇසන ලෙස බව ද පොලිසිය කියයි.

අනතුරුව තරුණයාව මෝටර් රථයෙන් නංවාගෙන ගොස් ඇත්තේ වත්තම්කරගෙනය. ඒ වන විට තරුණයා මියගොස් සිට නැති බවට ඇසින් දුටු සාක්ෂියක් ද පොලිසියට මේ වන විට ලැබී ඇති බව සඳහන්ය. එම සාක්ෂිය ප්‍රබල සාක්ෂියක් බවට මේ වන විට පත්ව ඇතැයි ද පොලිසිය කියයි.

සුසිත් ජයවංශගේ පෙම්වතිය බව කියන සිඟිතිගේ 18 හැවිරිදි දියණිය මේ සිදුවීම වන විට නි‍ෙවසේ සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වන්නේ යැයි පොලිසිය කියයි.

මෙම සිදුවීමෙන් අනතුරුව වෑන් රථයකින් සිඟිති සිය දරුවන් සමඟ පලාගොස් තැන තැන සැඟවී සිට අවසානයේදී බිරිඳ සමඟ කුලියාපිටිය අධිකරණයට භාරවී ඇත්තේ නීති උපදෙස් මතය. ඔහුට ඒ සඳහා නීතිඥ සහාය ලබාගැනීමට අවශ්‍ය උපදෙස් දේශපාලනඥයන් දෙදෙනාගෙන් අයෙක් විසින් ලබාදී ඇති බවත් එම උපදෙස්වලට අනුව සිඟිති සහ ඔහුගේ පවුලේ උදවිය හැසිරෙමින් සිටිනු දැකිය හැකි බව ද පොලිසිය කියයි.

සිය දියණිය සුසිත් අතින් 55 වතාවක් දූෂණය වූ බව පැවසීමත්, මීගමුවේ නි‍ෙවසක රැඳී සිටියදී සුසිත්ගේ පෙම්වතිය වන සිඟිතිගේ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය විසින් කරන ප්‍රකාශයත් නීති උපදෙස් මත සිදුවන්නක් බව පෙනී යන බවත් මේ සෑම දෙයක් ගැනම පොලිසිය විමසිලිමත්ව විමර්ශන පවත්වන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අප්‍රේල් 22 වැනිදා සිට අතුරුදන්ව සිටි සුසිත් ජයවංශ (31) තරුණයාගේ මළ සිරුර හමුවන්නේ පසුගිය 07 වැනිදාය. ඒ මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබියදීය. මළ සිරුර පොලිසිය සොයා ගනු ලබන්නේ ද සිඟිතිගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඔහු විසින් කළ හෙළිකිරීම්වලට අනුවය.

පහරදී ගෙල සිරකර තරුණයාව ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් එම සැකකරු පැවසුවත් මරණය සිදුවූ අයුරු නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැත. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කිරීමට සති 06ක පමණ කාලයක් ගතවනු ඇති බවත් හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එස්. ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

T 20 වර්ල්ඩ් කප් එක ගහන්න අමෙරිකා යන්න කලින් ටීම් එක රනිල් හමුවෙන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙන්න VFS සමාගම ලංකාවට ගෙනාපු එකෙන් වෙලා තියෙන දේ! වෙනදා සංචාරකයකුගෙන් ඩොලර් 50ක් ලංකාවට ලැබුණා! දැන් ලැබෙන්නේ ඩොලර් 40යි! ඩොලර් 10ක් ඉන්දියානු සමාගමට යනවා! මේකෙන් රටට අහිමි වන මුදල ‌බිලියන 9ක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.