දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වා ගෙන කාන්තාව ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පෙරේදා (29) රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවත්, ඇය සතුව තිබූ රන් මාල 3ක්, රන් මුදු 3ක් සහ ජංගම දුරකතන 2ක් ඝාතකයන් රැගෙන ගොස් ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 10 පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක් වන අතර, මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.










