රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ආණ්ඩුව සමග එක්වූ එස්.එම්.එම්. මුෂාරෆ් මහතාද ජනාධිපතිවරයා සමග අමෙරිකානු සංචාරයට එක්වී සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
මීට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනකු වන මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්වරුන්ද එම සංචාරයට එක්ව ඇති අතර විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ් මහතාද මෙම කණ්ඩායමට අයත්ව සිටියේය.
එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට මෙම මන්ත්‍රීවරුද එක්ව සිටියහ.









