ඇතැමුන් හොරාකාපුවා සොයාගැනීමට නොහැකි බවත්, හොරාකාපුවා යළි රටට ගෙන ඒමට නොහැකි බවත්, හොරා කාපු සල්ලි ගෙන ඒම සදහා දශක ගණනාවක් ගත වන බවත් කියන්නේ සැබෑවට නොව හොරු තවදුරටත් රැකීමට බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම සදහා ඇතැමුන් මෙවැනි කතා කියන බවත්, ඒවා පිළිගත නොහැකි බවත්ය.
2015 යහපාලන රජය සමයේ හොරු ඇල්ලීමට කටයුතු කළ බව කී ඒ මහතා අවසානයේදී හොරු සමග ඩීල් දමා එය අතරමග නතර කළ බවකි.
නමුත් ඉදිරි රජයක් යටතේ මේ හොරා කෑ මුදල් රටට ගෙන ඒමට කටයුතු කරන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.










