‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,184 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 59 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (5) පෙරවරුවේ පැවසීය.Sri Lanka Latest News
එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 29 ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
එම සැකකරුවන් 23 න් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
හෙරොයින් ග්‍රෑම් 337 ක්, අයිස් ග්‍රෑම් 242 ක්, ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 629 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.










