සින්දුවක් හෝ කවියක් තියෙනවා ‘ආචාරියා රවටා කැත්ත සෑදෙව්වා වාගේ’ කියලා එකක්. ආචාරියා කියලා කියන්නේ කම්මල් වැඩ කරන පුද්ගලයට. එතකොට ආචාර්ය කියන තනතුර අපි කීප තැනකදී පාවිච්චි කරනවා. එකක් උගන්වන කෙනාටත් ආචාර්ය කියලා කියනවා. උපාධි නාමයක් විදියටත් අපි ආචාර්ය කියන එක පාවිච්චි කරනවා. ආචාර්ය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩොක්ටර් කියලා. දොස්තරලත් ලංකාවේ වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි බෙහෙත් දෙන දොස්තරලා. අනිත් කට්ටිය පී.එච්.ඩී. එක සහිත දොස්තරලා. පී.එච්.ඩී. එක සහිතව ඉන්න දොස්තර මහත්තුරුත් ඉන්නවා. ඒගොල්ලෝ ඩබල් ඩොක්ටර්ස්ලා. මේ වගේ ඩොක්ටර්ලා ගැන නෙවෙයි මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ. ආචාර්යවරු ගැනත් නෙවෙයි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ. කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ආචාරියා රවටා කැත්ත සෑදෙව්වා වාගේ කියන සින්දුව ගැනත් නෙවෙයි. කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ උපාධි ලෝගුවට වෙලා තියෙන හරිය ගැන. ඕක කියන්න කාලයක් තිස්සේ අපි එක එක ජාතියේ ලිපි ලිව්වා. කවුරුත් හැදුණෙත් නෑ, කවුරුත් හැදුවෙත් නෑ, අපි හැදුණෙත් නෑ, අපි හැදිලත් නෑ, අපි වෙන එකෙකුට හැදෙන්න දෙන්නෙත් නෑ. ඔය වගේ බහුබූත ගොඩක් ඒවා හිතෙනවා. (Sri Lanka Latest News)
ලංකාවේ ආචාර්ය කියන තත්ත්වය ගන්න පුළුවන් මොන විදියටද කියන එක ගැන ප්‍රසිද්ධ ගුරුවරයෙක් වන රුවන් මාපලගම සර් හරිම අපූරු ලිපියක් පළකරලා තිබුණා එයාගේ ෆේස්බුක් එකේ. එයා ආචාර්ය කියන තනතුර ලැබිය හැකි ක්‍රමවේද කිහිපයක් ගැන ඉතා පැහැදිලිව සහ නිරවුල්ව සඳහන් කරලා තිබුණා. ඒ වුණාට ඒවා කවුරුත් කියවන්නේ නෑ වගේම ඒවා කාටවත් වැඩකුත් නෑ කියලා අපි දන්න නිසා, අපි ඒ ගැන කලබල වුණෙත් නෑ, කාටවත් ඒකෙන් වැඩතුත් නෑ. හැබැයි මෙන්න මෙහෙම එකක් නම් තියෙනවා. මෙන්න මේ ආචාර්යවරු ලංකාවේ වර්ග කිහිපයක් ඉන්නවා. ඒ කීපයෙන් ප්‍රධාන වශයෙන්ම අපි ආචාර්යවරු විදියට සලකන්නේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ඉතාම නිරවුල්ව M.Phil එකෙන් පස්සේ PhD එක දක්වා ඉගෙනගෙන තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන ලද අය. ඒගොල්ලෝ ආචාර්යවරු විදියට සලකනවා. ආචාර්ය කියලා කියන්නේ PhD තත්ත්වයේ අය. ආචාර්යවරයකු බවට පත්වෙන්න PhD නිබන්ධනයක් හදන්න ඕනේ. ඒ අයව විශ්වවිද්‍යාල මගින් ආචාර්යවරු බවට පත්කරපු අය. සමහර අය ඉන්නවා විශ්වවිද්‍යාල මගින් ආචාර්යවරු බවට පත්කරලා නැති, නමුත් ඒගොල්ලන්ට සම්මානිත ආචාර්ය පදවි ප්රදානය කරපු අය. එහෙම අයත් ලංකාවේ ඉන්නවා. හැබැයි ඊට අමතරව මෙන්න මේ ආචාර්ය නොවන, අනාචාර්ය වැඩවලට වැඩි බරක් දක්වන අයටත් ලංකාවේ ආචාර්ය පදවි ලැබිලා තියෙනවා. ඒවා එක එක ආයතනවලින්, කඩවලින් හිතුණු හිතුණු විදියට දෙන ඒවා. සමහර දේශපාලකයෝ එහෙම ආචාර්ය වුණේ ඒ විදියට. ඊට පස්සේ ඇතැම් සල්ලිකාරයොත් මේ විදියට ආචාර්යවරු වුණා. ඒගොල්ලන්ටත් මේ ආචාර්ය කියන පදවිය ලැබුණා. ඒගොල්ලොත් තැන් තැන්වල මේක පාවිච්චි කරනවා. ප්‍රසිද්ධියේ ඉන්න සත පහක වැඩක් නැති මිනිස්සුන්ටත් වඩා මෙතැනදි භයානක වෙන්නේ අප්‍රකට නමුත් සත පහක වැඩක් නැති එවුන්. ඒගොල්ලන්ට ආචාර්ය උපාධිය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒගොල්ලන්ගේ අනාචාර්ය ක්‍රියා ගැන අපි අහලා නැති නිසා.
මේ වෙලාවේ අපි දකිනවා ‘පිං පොං’ කියන හාදයා. පාට පාට මල් මල් ෂර්ට් එකකුයි ඩෙනිම් කලිසමකුයි ඇඳගෙන ගිහිල්ලා ගෞරව උපාධි සම්මාන සහිතව පලඳින්න පුළුවන් ලෝගුවක් දාලා මොකක්ද මන්දා උත්සවයක පහනක් පත්තු කරනවා. මේවා දැක්කට පස්සේ අපිට කියන්න තියෙන්නේ ඌරන්ගේ රටේ මොනවද මන් දන්නෙ නෑ මාර්කට් කියලා කියනවා වගේ ආයේ මේ රටේ දේශපාලකයෝ පත්වෙන විදිය, ජනාධිපතිලා පත්වෙන විදිය ගැන ආයෙ අහන්න දෙයක් නෑ. මොකද කොහේ හරි ගොබ්බයෙක් ආවට පස්සේ ඒකට රෙද්ද පොරවලා, උත්සවයට එක්කගෙන ඇවිල්ලා, පහන් පත්තු කරවලා, තෑගිබෝග දීලා උපාධි ප්රදානය කරනවා. උපාධි ප්රදානය කරන්නේ උපාධි ප්‍රදානෝත්සවයක් තියන්නේ උපාධි ලබාදිය හැකි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත කරන ලද ආයතනවලින් විතරයි. හැබැයි මේක වෙලා තියෙන්නේ හන්දියේ කඩයක් දාලා ඒ කඩේ උඩ තට්ටුව හිස් නිසා මොකක් හරි පාඨමාලාවක් පටන් අරගෙන ඒකේ එවුන්වත් එක්කගෙන ගිහිල්ලා කොහේ හරි ලොකු උත්සව සභාවක තියලා උන්ට උපාධි ප්රදානය කිරීමේ හැකියාව අද අපේ එහේ මෙහේ ඉන්න ගෑනු දරුවන්ට පිරිමින්ට පුළුවන් වෙලා තියෙනවා. මේවා හොයන්න බලන්න කෙනෙකුත් නෑ. ඇයි කළේ කියලා අහන්න කෙනකුත් නෑ. කළා කියලා අමනාපයක්වත් ඇත්තෙ නෑ. මේවා මොනවද, මේවා කරන්නේ කවුද, මොකට කරනවද කියලා අපට අහන්න කෙනකුත් නෑ. අපි ඉතින් හැමදාම කරන්නේ මේ වගේ ඒවා ලියන එක. උපාධිය කියන්නේ මොකක්ද? ලෝගුව කියන්නේ මොකක්ද? එය පැලඳීමේ ගෞරවය මොන වගේ එකක්ද? ඒක දන්නේ උපාධියක් කරලා, කට්ට කාලා මේක පැලඳගත්ත එවුන් ටික විතරයි. අවුරුදු ගානක් තිස්සේ විශ්වවිද්‍යාලය ඇතුළේ හෝ පිටත දුෂ්කර ක්‍රියා කරලා තමයි මේ උපාධි ලෝගුව පලඳින්නේ. ඒකට කොච්චර මහන්සි වෙන්න ඕනෙද? සමහර විට ඒක ලබාගෙන තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒකට මහන්සි වෙනවා, කැපවෙනවා.
විශේෂයෙන්ම ආචාර්ය උපාධියක් දක්වා යනකොට ඔහුගෙන් රටට වෙච්ච සේවයක්, ඔහු විසින් කරන ලද පර්යේෂණයක්, ඔහු විසින් ලියන ලද නිබන්ධනයක් සමාජගත වෙලා තියෙන්නේ. නමුත් රඟපෑම නිසා හරි, දක්ෂ නිසා හරි, සින්දු කියපු නිසා හරි ඔහු ගෞරව සම්මානයක් විදියට පුදකරන ආචාර්ය උපාධියක් ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි රෙද්දක් හින්දා පොරවගන්න එක ගැන නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ ප්රශ්නය නොවෙන්නේ උපාධිය කියන එක ඇතුළේ ‘උ’ යන්න වෙනුවට ඒක සමහර වෙලාවට ගැළපෙනවා. ‘උ’ යන්න වෙනුවට ‘කු’යන්න දැම්මම සමහරුන්ට ගැළපෙනවා. ආචාර්ය කියන එක වෙනුවට අනාචාර්ය වුණාම ඒකත් ගැළපෙනවා. ඒ නිසා ආචාර්ය උපාධිය අනාචාර්ය කුපාඩින්ට පලඳවන්න ගියොත් අකුරක දෙකක වෙනසකට වඩා ලොකු වෙනසක් වෙලා අපේ රට මේ තියෙන තැනෙනුත් තව පහළට වැටෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් මීට වඩා වැටෙන්න පහළක් තියෙනවද කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න නම් මට උත්තරයක් නෑ.
![Sri Lanka Latest News](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2022/06/Jeewana-pahan-3.jpg)
ජීවන පහන් තිළිණ