• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තඹලගමුවටත් ඉන්දියාවෙන් ආයෝජනයක්! ජනාධිපති එහෙට ගිහිල්ලම කියයි! I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ දීය .

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළහ. එම ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට වෙන්ඩ්‍රාසන් වැවේ සිට පුලියුතුකුලම් වැව දක්වා වන වැව් නවයම පෝෂණය වන පරිදි ඇල මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය මූලික අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාව මත පදනම්ව එය ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවයි.
එසේම අලි වැට ඉදිකිරීම් කටයුතු ආරම්භ වන තුරු, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 94 ප්‍රදේශයේ සිට පාලම් පටාර් දක්වා කඩිනමින් වීථි ලාම්පු ස්ථාපිත කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබා දීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ඉල්ලීම් සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.
ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධ‍ව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම සංවර්ධන වැඩ කටයුතු 2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන, කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ‍ගැනීමට බලාපොරොත්තු වෙනවා.
දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 25 ක් තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා. ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී තිබෙනවා.
වත්මන් තරුණ පරපුර උනන්දු වන්නේ ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ වෙතයි. අක්කර දෙකක් දුන් පමණින් ඔවුන් කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. එබැවින් නව තාක්ෂණය රැගත් ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ සමඟ ඔවුන් වෙත යොමු විය යුතුයි.
පැරණි රජ සමයේ මෙන් මෙරට බෝග අපනයනය කරන මට්ටමට අප පැමිණිය යුතුයි. නිදහස ලැබීමෙන් පසුව අපනයනය කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. දැන් අප එය ආරම්භ කළ යුතුයි. අප මෙරට දියත් කරන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. මීළඟ මාස කිහිපයේදී ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මිරිදිය මත්ස්‍ය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමේ ‘උරුමය’ වැඩසටහනද අප ආරම්භ කර තිබෙනවා. එය කොටස් තුනක් යටතේ ක්‍රියාවට නැ‍ඟෙනවා. ඒ අනුව මෙම වසරේදී ආරවුල් නැති, මැනුම් කටයුතු සිදු කර ඇති ස්වර්ණ භූමි, ජයභූමි වැනි බලපත්‍රලාභීන්ට පළමුව සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙනවා. ඒ අතර මැනුම් කටයුතු සිදු කිරීමට තිබෙන ඉඩම්වල මැනුම් කටයුතු ආරම්භ කරනවා. ඉඩම් සම්බන්ධව පවතින ආරවුල් විසඳීමටද කටයුතු සලස්වනවා. කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දිනකට ඔප්පු 500-1000 ක් ප්‍රමාණයක්වත් ලබා දීමට අප උපදෙස් දී තිබෙනවා.
පූජ්‍ය අක්කරගම විමලජෝති හිමි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස් රත්නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එස්. පාර්තිපන්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ.ශ්‍රීපති යන මහත්ම මහත්මීන්, නැගෙනහිර පළාතේ රේඛීය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-02

SendShareShare
Previous Post

ලංකාවේ ඔන්ලයින් පනත-මාධ්‍ය විකාශන අධිකාරී පනත-ප්‍රතිත්‍රස්ත පනත ඇතුලු මර්දනකාරී පනත් රැසක් ගැන ජිනීවා ‌රැස්වීමේදී මහකොමසාරිස් වෝල්කර් කතාකරයි! පොලිස්පති පත්කිරීම ගැනත් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

ආයෝජන ගේන මුවාවෙන් කරන දේශීය සම්පත් විකිණීමට අපි විරුද්ධයි! ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගන්නවා! අපි මැච් එක ගහන්න යන්නෙ පරදින්න බලාගෙන නෙමෙයි! නාමල්ලා ගහන්න යන ‌ගේම මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.