ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අතර, එම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් දැඩි උණුසුම් දුරකථන සංවාදයක හඩ පටයක් විදුලි වෘත්තීය සමිති විසින් මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ඉතා ආවේගශීලී ප්‍රකාශ සිදු කර ඇත. ඔහු කිහිප වරක්ම “මැරෙන්න බයත් නෑ, මරන්න බයත් නෑ” යනුවෙන් අවධාරණය කළ අතර, “හමුදාව පොලිසිය අපේ අතේ. අපි ජීවිතේට ආණ්ඩුව දෙන්නේ නෑ. ගත්තෙ දෙන්න නෙමෙයි” යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.










