පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසකට මිදුම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (16) පහරදීමක් සිදුව තිබෙනවා.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පස්සර දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පස්සර පොලිසිය පැවසුවේ.
පස්සරල මිදුම්පිටිය නගරයේ පිහිටි වෙළෙඳසල්වල සෞඛ්‍යරක්ෂිතභාවය පරීක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිය දී මෙම පහරදීම සිදුව ඇත.
කල් ඉකුත් වූ අහාර ද්‍රව්‍ය ගබඩා කරන ලද ස්ථානයක් ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානය වෙත ගොස් ඇති නිලධාරීන් විසින් එම ගබඩාව පරීක්ෂා කිරීම සදහා විවෘත කරදෙන ලෙස එහි හිමිකරුගෙන් ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේ දී එහි පැමිණි එම ගබඩා හිමිකරුගේ පුතා යැයි පවසන අයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීම සිදුකළ 24 හැවිරිදි වියේ පසුවන අයෙක් පස්සර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සාපරාධී බලහත්කාරකම් පෑමේ චෝදනාව යටතේ ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
dasathalankanews










