ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙනි.
පාරමී රණසිංහ පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.
ෙම් සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙසේය.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පළ කොට තිබූ පෝස්ට් එක!











