• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාති වාද, ආගම් වාද, භාෂා ප්‍රශ්න දහස් ගානක් අස්සෙ ඉන්දියාව ගෝත්‍රික ජනාධිපති කෙනෙක් ගේනවා අපි කවද්ද එතෙන්ට එන්නෙ?

August 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාති වාද, ආගම් වාද, භාෂා ප්‍රශ්න දහස් ගානක් අස්සෙ ඉන්දියාව ගෝත්‍රික ජනාධිපති කෙනෙක් ගේනවා අපි කවද්ද එතෙන්ට එන්නෙ?
Share on WhatsAppShare on Facebook

ලොව විශාලතම රටවල් අතර ඉන්දියාව ඉන්නේ ඉදිරියෙන්. ජනගහනය අතින් ගත්තත් ඉන්දියාව ඉන්නේ ලෝකෙ හොල්ලන්න පුළුවන් තැනක. ඉන්දියාව කියන්නේ අතිවිශාල රටක්. විශාල සංස්කෘතික සම්මිශ්‍රණයක් සහිත රටක්. භාෂාවන් විශාල ප්‍රමාණයක් කතා කරන මිනිස්සු ඉන්න රටක්. ඒ වගේම ආගමික ශාස්තෘවරුන් විශාල ප්‍රමාණයක් බිහිවුණු රටක්. ජාති ආගම් කුලමල මේ සියල්ලෙන්ම පීඩිත වූ රටක්. එක තැනක ධනවතුන් ලෝකෙ හොල්ලනකොට තව තැනක දුප්පතුන් ජීවත් වෙන්න විදියක් නැතිව මියයන රටක්. එක තැනක ගංවතුරට ගලනකොට තව තැනක නියඟයෙන් මිනිස්සු පීඩා විඳින රටක්. ලෝකෙ යම් රටක යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒ සියලු දේ ඉන්දියාවෙ නිෂ්පාදනය කරනවා. ඒ තරමට ඉන්දියාව අද ඉහළ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ අස්සේ ඉන්දියාවට නව ජනාධිපතිවරියක් පත්වුණා. ඉන්දියාව කියලා කියන්නේ ලෝකෙ රටවල් අතර ජනගහනය අතින් දෙවැනි තැන ඉන්න රට. එය බිලියන 1.3ක්. මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.75යි. ඒ විදියට ගත්තොත් ලෝක ජනගහනයෙන් 17.8%ක ප්‍රතිශතයක් ඉන්නේ ඉන්දියාවේ. ඒක නිසා ඉන්දියාව කියන්නේ හිතාගන්න බැරි තරම් අතිවිශාල මනුෂ්‍ය ප්‍රජාවක් සහිත රටක්. ඉන්දියාවෙ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 3,287ක්. ඉන්දියාව මුහුදෙන් සහ ගොඩබිමෙන්, හිමාල කඳුවැටියෙන් වටවෙලා තියෙන්නේ. දළ වශයෙන් ගත්තොත් එක පැත්තකින් බංග්ලාදේශයට, තව පැත්තකින් චීනය, නේපාලය, මියැන්මාරට වගේම භූතානයටත් ඉන්දියාවේ දේශසීමා තියෙනවා. මේ අසිරිමත් රට ලෝකයට විශාල බලපෑමක් කරන්න පුළුවන් රටක් බවට මේ වන විට පත්වෙමින් තියෙනවා. ඒ වගේම ආසියාවෙ කෙරුම්කාරයා බවට පත්වුණු චීනයත් එක්ක ඒගොල්ලො තරග කරනවා. මේ තරගය අස්සේ දකුණු ආසියාවේ කෙරුම්කාරයා වීම ඔවුන්ට ඉතා පහසු දෙයක් බවට පත්වෙලා තියෙනවා.

දැන් අපි කතා කරන්න යන්නේ ද්‍රෞපදි මුර්මු ගැන. ඇය පත්වුණේ එරට 15 වැනි ජනාධිපති ලෙස. ඒ, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රමානා ඉදිරියේ දිවුරුම් දීමත් එක්ක. එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවේ පැවැති මේ චාම් උත්සවයෙන් පස්සේ ඇය ඉන්දියාවෙ 15 වැනි ජනාධිපතිවරිය බවට පත්වුණා. මේ උත්සවයට අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියානු පාර්ලිමේන්තුවෙ රාජ සභාවෙ සභාපති වෙන්කයියා නායිඳු, ලෝක් සභාවේ කතානායක ඔමි බිර්ලා ඇතුළු අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගි වෙලා හිටියා. දිවුරුම් දීමෙන් පස්සේ එදිනම පෙරවරු 11ට විතර ද්‍රෞපදි මුර්මු එරට ජනාධිපති නිල නිවෙස වන රාශ්ට්‍රපති භවන් වෙත පැමිණියා. ඉන් පස්සේ ඇය නිල වශයෙන් එරට ජනාධිපතිනිය ලෙස පත්වුණා. හැබැයි මේ ද්‍රෞපදි මුර්මු ජනාධිපතිනිය ලෙස පත්වීම නිකන්ම නිකන් කතන්දරයක් නොවෙන්නේ, ඈ ඉන්දියානු ජනාධිපති ලෙස පත්වුණු පළමු ගෝත්‍රික කාන්තාව ලෙස ඉතිහාසයට එක්වීමත් එක්ක. ඉන්දියාවෙ මුල් පුටුවට යන අය ගැන විවිධ තැන්වල බොහෝ කතාබහ සිදුවෙලා තියෙනවා. ඒක ඇත්ත. ද්‍රෞපදි මුර්මු දිවුරුම් දීමෙන් පස්සේ ජාතිය අමතා කිව්වා ඇය තමයි නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ උපන් පළමු ජනාධිපති බව. ඇය උපන්නේ 1958 වසරේ. එමෙන්ම ඉන්දියාවේ දිළිඳු මිනිසුන්ට, ඒ අයගේ අනාගතය ගැන සිහින දකින්න පමණක් නෙවෙයි, ඒ හීන ඉටුකර ගන්නත් හැකියාව ඇති බව තමාගේ මේ පත්වීමෙන් ඔප්පු වෙන බව ඈ කිව්වා.

ද්‍රෞපදි, කාන්තාවන් බලගැන්වීම සම්බන්ධයෙනුත් අවධාරණය කළා. අපේ රටේ සහෝදරියන් සහ දියණියන් විවිධ ක්ෂේත්‍ර තුළ වැඩි වැඩියෙන් දායකත්වය දක්වමින් සිටියදී ඔවුන් තවදුරටත් බලගැන්වීමට අවශ්‍ය බව ඇය කිව්වා. 64 හැවිරිදි ද්‍රෞපදි මුර්මු අයත් වන්නේ ඉන්දියාවේ ඉතා පීඩිත, වරප්‍රසාද ඉතා අඩු ගෝත්‍රයක් වන ‘සන්තාල්’ කියන ගෝත්‍රයට. දිළිඳු බවෙන් වගේම සමාජ සංස්කෘතික විෂමතාවන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ කණ්ඩායමක් විදියටයි මේ සන්තාල් කියන ගෝත්‍රය ද්‍රෞපදි මුර්මුගෙ පත්වීමෙන් පස්සේ ඉන්දියාවෙ බොහෝ අය වාර්තා කරලා තිබුණේ. මේ වගේ ඉතා පීඩාවට පත්වූ ජන කණ්ඩායමක කෙනෙක් ඉන්දියාවෙ ජනාධිපති බවට පත්වීම ඉතා සුවිශේෂ දෙයක් විදියට බොහෝ දෙනෙක් කතා කළා. නමුත් මිනිස්සුන්ට මඟහැරුණු එක කරුණක් තිබුණා. ඒ තමයි හිටපු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ කතන්දරය. රාම්නාත් කෝවින්ද් කියලා කියන්නෙත් ඉන්දියාවෙ ඉතා පීඩිත කුලයක් ලෙස සැලකෙන ‘දාලිත්’ කුලයට අයත් වූවෙක්. ඒ විදියට ගත්තාම මෙලෙස පීඩාවට පත්වූ මිනිසුන් අතරින් ජනාධිපතිවරු පත්වීම ඉන්දියාවේ ලක්ෂණයක් බවට පත්වෙලා තියෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලෙ මේ විදියට කුලහීන යැයි සැලකූ පිරිස් බොහෝ පීඩාවට, බොහෝ නිග්‍රහයන්ට පත්වුණා. රථකාර, පුක්කුස, චණ්ඩාල ආදී ගෝත්‍ර විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් පාගලා, තෙරපලා පීඩාවට පත්කරලා අයින් කරලා දාලා තිබුණා. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂත්‍රීය කියන ප්‍රබල කුලයන් විසින් ක්ෂද්‍ර කුලයේ මිනිසුන්ට හිංසා පීඩා කරමින් හිටියා. ඒ හිංසා පීඩා සියල්ල තවමත් දුරුවෙලා නෑ. ඉන්දියාවෙ තරම් කුලවාදයක් ලෝකෙ කොහෙවත් නෑ. ද්‍රෞපදි මුර්මු ඉන්දියාවෙ ජනාධිපති බවට පත්වෙද්දී අපි කවද්ද අපේ වෙනත් ජාතියකට මේ වගේ තනතුරකට එන්න ඉඩ හසර හදලා දෙන්නේ? ඒ ගැන විවිධ තර්ක විතර්ක, විවිධ ප්‍රශ්න තියෙනවා. මේ මොහොතේ පවා අපේ ද්‍රවිඩ ජාතිකයෙක් සම්බන්ධව යෝජනා ආවා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්විය යුතුයි කියලා. නිර්පාක්ෂිකව, ඡන්දයකින් තොරව පත්කරගත හැකි අවස්ථාවකදීවත් අපි එවැනි අගමැතිවරයෙක් ගැන කතාබහක් ඇති කරගන්නේවත් නැහැ. ලෝකයට පේන්නවත් අඩුම තරමේ මෙහෙම පත්වීමක් කරගත්තා නම් අපි අද ඉන්න තැන ගැන ලෝකයවත් අඩුම තරමේ නිගමනවලට එළැඹෙන්න තිබුණා. අඩු කුලයක් ලෙස සලකන කුලයක කෙනෙක් ඉන්දියාවේ ජනාධිපති වුණත්, ලංකාවෙ හැබෑ කතන්දරය තමයි එවැනි දෙයක් මේ රටේ සිදුවෙන්නේ නෑ කියන එක. යුද්ධය කියන්නේ සම්පූර්ණයෙන්ම බලය දිනාගැනීම සඳහා එක කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද තත්ත්වයක්. ඒකෙ මුල අතිශයින් පෞද්ගලිකයි. නමුත් අපිට ඒක ලෝකෙට කියාගන්න බැරුව ගියා. ඒ වෙලාවෙ අපට හිටියා අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඔහු තමයි ලක්ෂ්මන් කදිරගාමර්. ලක්ෂ්මන් කදිරගාමර් තරම් දක්ෂ සහ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙක් අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවුණාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. චන්ද්‍රිකා ආණ්ඩුව කදිරගාමර්ව අගමැතිවරයා ලෙස පත්කරාවි යැයි බොහෝ දෙනෙක් හිතුවා. ඔහු පත්විය යුතු යැයි බොහෝ දෙනෙක් මතිමතාන්තර ඉදිරිපත් කළා. 1994න් පස්සේ ලංකාවෙ දරුණු ලෙස යුද ගැටුම් ඇවිළුණා. ලෝකෙ අපි දිහා බලාගෙන හිටියා. බොහෝ රටවල් අපිට චෝදනා කළා අපි සුළු ජාතිකයන් යැයි දෙමළ ජාතිකයන්ට හිංසා පීඩා කරනවා කියලා. ඒ පිළිබඳ දෙමළ ඩයස්පෝරාව ප්‍රබල හඬක් කැනඩාව, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපා රටවල් ඇතුළේ ඇතිකරන්න පටන් ගත්තා. ඒක ඒ රටවල පාලකයො පවා පිළිගනිමින් තිබුණා. ඇත්තටම ඒ වෙද්දී අපේ රටේ ප්‍රශ්න නොතිබුණා නෙවෙයි. නමුත්, අපට හිටපු අතිවිශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙක් වුණු, අතිවිශිෂ්ට විදේශ සම්බන්ධතා සහිත පුද්ගලයකු වෙච්ච, අතිවිශිෂ්ට රාජ්‍ය නායකයකු බවට පත්වීමට හිටපු ලක්ෂ්මන් කදිරගාමර්ව මේ තනතුරට පත්කරන්න ඒ වෙලාවෙ අපට පුළුවන් වුණා නම්, එය අපේ රටේ සුවිශාල දේශපාලන සන්ධිස්ථානයක් වෙන්නට ඉඩ තිබුණා. නමුත් අපිට ඒ තීරණය ගන්න බොහෝ අපහසු වුණා. සමහර අවස්ථාවල අපේ විපක්ෂ නායක පුටුව ද්‍රවිඩ සන්ධානයට ගියා. ඒ විදියේ එක අවස්ථාවක් අපි බොහොම මෑතක අත්දැක්කා. ඒ තමයි ආර්. සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක විදියට කටයුතු කරපු කාලෙ. ඊට කාලෙ අමිර්තලිංගම්ටත් මේ විදියෙ තනතුරක් ලැබුණා. නමුත් එතැනින් එහාට අපේ රටේ රාජ්‍ය පාලකයො දෙවැනි ජාතියකට ඉදිරියට එන්න නොදුන්නේ තමන්ගෙ ජාති ආගම් කුලමල භේදය නිසාද, එහෙම නැත්නම් බලයට ඇති කෑදරකම නිසාද කියලා අපි දන්නෙ නෑ. කොහොම නමුත් ඉන්දියාව බොහෝ ඉදිරියෙන් ඉන්නවා අපට වඩා. ඔවුන් විශාලත්වය අතින් විතරක් නෙවෙයි, ජනගහනය අතින් විතරක් නෙවෙයි ඉදිරියෙන් ඉන්නේ. සිතුවිලි අතින් ඔවුන් ඉදිරියෙන් ඉන්නවා. තීන්දු තීරණ අතින් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් අභිමානවත් තීන්දු තීරණ ගන්නවා. නමුත් අපි තාමත් ළිං මැඩියො වගේ එක තැනක හිරවෙලා, එක තැනක කොටුවෙලා කොළඹ පැලැන්තියට, අධ්‍යාපනය, කුලයට, බලයට, හාමුමහත්තුරුන්ට බලය දීලා අත පිහදාගන්න තැනට පත්වෙලයි ඉන්නේ. ඒ නිසා ඉන්දියාවෙන් ඉගෙන ගන්න අපට පාඩම් තියෙනවා. හැමදාම තියෙනවා. ඉන්දියාව අපට ඉතා ඉක්මනට හොඳ පාඩමක් උගන්නයි කියලත් අපිට සමහර වෙලාවට හිතෙනවා. මීට කලින් අපට ඉන්දියාව පාඩම් උගන්වලා තියෙනවා. ඒ, මේ ජාතියෙ පාඩම් නෙවෙයි වෙන වෙන පාඩම්. ඒ නිසා අපි මේ කතාවෙන් බොහෝ දේවල් ඉගෙනගත යුතුයි. ඒ අතරතුරේ අපි අසල්වැසි රටේ ජනාධිපති පුටුවට පත්වුණු ඈට හිස නමා ආචාර කරමු.
ජය වේවා…!



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මැයි 9 මහින්ද ගියා! ජුනි 9 බැසිල් ගියා! ජූලි 9 ගෝඨා ගියා! අගෝස්තු 9 වැනිදා කරන්න යන දේ වසන්ත සමරසිංහ එළියට දමයි! (VIDEO)

Next Post

රැට්ටා එළියට එයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.