• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට හිටිහැටියේ එවපු ගිනිගෙඩිය…

July 4, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට හිටිහැටියේ එවපු ගිනිගෙඩිය…
Share on WhatsAppShare on Facebook

මේ මොන කරුමයක්ද යකෝ…? අපිට ගෑස් එපා, භූමිතෙල් එපා, පෙට්‍රල්, ඩීසල්, කන්න-බොන්න මේ මොන කෙහෙල්මලක්වත් එපා. අර අවුරුදු දස, දහස් ගණනකට එහා වුණා වගේ එක පාරටම මහා උල්කාපාතයක් කඩාගෙන වැටිලා අපි විනාශ වෙලා ගියානම් ඉවරයි. ඒ කාලේ හිටියා යැයි කියන ඩයිනෝසර් සත්තු, ගල් යුගයේ මිනිස්සු කවුරුත් අදටත් නැහැනේ. ඒ වගේ මේ පාහර පාලකයොයි, අපියි එක පාරටම උල්කාපාතයක් කඩාගෙන වැටිලා විනාශ වුණා නම් මීට වැඩිය හොඳයි. එතකොට ඉතිහාසයට එකතු වේවි ශ්‍රී ලංකාව කියලා රටක් තිබුණා කියලා. බලාපල්ලාකෝ රටට මෙච්චර මහා විනාශයක් කරලත්, මුන් තවම බලයේ රැඳිලා ඉන්න හැටි. උන් හොඳට තුන් වේලම කාලා, බීලා සැප විඳිනවා. අපි හාමතේ දවස් ගානෙ මහ පාරේ. ඇයි යකෝ, මේක මිනිසුන්ට අඩුම තරමේ භූමිතෙල් ටිකක්වත් දෙන්න බැරි ආණ්ඩුවක් නේද..? මුන් ඇත්තටම පාලකයෝද..?’

මෙම අතිශය වේගවත් වදන් පෙළ පසුගියදා අසන්නට ලැබුණේ මහරගමට ආසන්න ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක පෙළගැසී තිබුණු භූමිතෙල් පෝලිමකිනි. එම පෝලිමේ සිටි වැඩිහිටි කාන්තාවකගෙන් මේ ඛේදනීය වදන් පෙළ අසන්නට ලැබුණේය. ඇය ඒ වන විට ලීටර් 05ක භූමිතෙල් ලබා ගැනීම සඳහා පැය 12ක පමණ කාලයක් එම පෝලිමේ රැඳී සිටි බැව් හෙළිවිය. මේ ආකාරයේ මානුෂික, වේගවත් වදන් පසුගිය සමයක්ම පුරා අසන්නට ලැබුණේ මෙතැනින් පමණක් නොවේ. දිවයිනේ දසඅතින් ඒ හඬ රාව, ප්‍රතිරාව දුන්නේය. එහෙත් මේ කාන්තාව කියූ වදන්වල සැබෑම හරයක් ඇතැයි සිතුණු නිසා, ඒ ගැන විශේෂිත ලෙස ලියා තැබුවෙමි. ඇයද කියූ ලෙස ‘ආදිතම ඩයිනෝසර් යුගය’ විනාශ වී ගියේ අති විශාල උල්කාපාතයක් හෝ වෙනත් ග්‍රහලෝක කොටසක් හෝ මෙම පෘථිවිය මතට කඩාගෙන වැටීමෙනි. එය ලෝක සිද්ධාන්තයකි. එසේ නම් දැනට මෙරට මිනිසුන් විඳින දුක මෙනෙහි කළ විට එවැන්නක් සිදුවනවා නම්, විටෙක එය යහපතක් වනු ඇතිය. එවිට මේ නිගණ්ඨ පාලකයන් සහ අහිංසක ජනතාවද සොයා ගන්නට බැරි වනු ඇත. එහෙත් මේ අධම පාලකයන්ගේ පවට අහිංසක මිනිසුන් පවු ගෙවිය යුතුද..? කෙසේ හෝ අද අපගේ උතුම් වූ ශ්‍රී ලංකාවට මහා උල්කාපාතයක් කඩාගෙන වැටීම මෙතෙක් සිදුවී නොතිබුණත්, අනේක විදියේ ‘ගිනිගෙඩි’ පාත්වීමද නිරන්තරයෙන්ම සිදුවෙයි. වත්මන් පාලකයන් විසින් විදේශ විනිමය සංචිත උලාකෑමේ ගිනිගෙඩියද ඉන් ප්‍රධානතම එකකි. මෙවැනි වටපිටාවක් තිබියදී මෙයට දින කිහිපයකට පෙරදී තවත් අමුතුම ආකාරයේ ‘ගිනිගෙඩියක්’ කඩාපාත් විණි. එය මෙරටට කඩාපාත් වුණේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ තිබෙන එක්තරා ප්‍රධානතම පෙළේ බැංකුවක් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පවරනු ලැබූ නඩුවක වගතුග එයින් හෙළිවිණි. එනම් ශ්‍රී ලංකා රජය විසින් ලබාගත් සුවිශාල ණය මුදලක් නැවැත එම බැංකුව වෙත ගෙවීම පැහැර හැරීම උදෙසා මෙම නඩුව පවරා තිබිණි. මෙය එක්තරා ආකාරයක තීරණාත්මක අර්බුදයක වගතුග හෙළි කිරීමකි. මෙම සිදුවීම කුමක් දැයි සොයා බලමු.

ඇමෙරිකාවේ ‘හැමිල්ටන් රිසර්ව් බෑන්ක්’ (Hamilton Reserve Bank) යන්න මෙම කතාවට අදාළ ප්‍රධාන නාමයයි. ඇමෙරිකාවේ බැංකු අතරින් මෙම බැංකුව එතරම්ම ඉපැරැණි බැංකුවක් නොවූවත්, එයට වසර 28ක් පැරැණි ඉතිහාසයක් ඇත. 1994 වසරේදී ආරම්භ කරන ලද මෙම බැංකුව, එහෙත් ජාත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රකටත්වයට පත්ව රටවල් 150ක් සමග ගනුදෙනු කරන ආයතනයකි. ශ්‍රී ලංකාව සමගද ගනුදෙනු කිරීමට පිවිසෙන්නේ ඒ ආකාරයටය. හැමිල්ටන් රිසර්ව් බැංකුවට’ එම හැමිල්ටන් යන නාමය යෙදෙන්නේද එක්තරා සුවිශේෂී වටපිටාවක් යටතේය. එනම් ‘ඇමෙරිකානු එක්සත් ජනපදයේ පියා’ වශයෙන් සැලකෙන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් (Alexander Hamilton – Founding Fatter of the United States) නැමැති බලගතු රාජ්‍ය පාලකයාගේ උපන් ප්‍රදේශය තුළ මෙම බැංකුව ආරම්භ කළ හෙයින්, මෙම බැංකුවට එම නාමය යෙදිණි. මෙම රාජ්‍ය පාලකයාගේ අනෙක් විශේෂත්වය වන්නේ, ඔහු ‘ඇමෙරිකානු බැංකුකරණයේද පියා’ වශයෙන් සැලකෙන හෙයිනි. එනම් 1765 වසරේදී උපන් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් යනු ඇමෙරිකාවේ ප්‍රථම භාණ්ඩාගාර ලේකම්වරයාය. එසේම ඔහු ඇමෙරිකාවේ මහ බැංකුව ආරම්භ කිරීමේ පුරෝගාමියා වශවෙන්ද සැලකෙයි. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ ‘හැමිල්ටන් රිස්ර්ව්’ බැංකුව යනු පූර්ණ නියාමනයක් සහිත ගෝලීය බැංකුවක් ලෙස සැලකෙයි. එසේම ඔවුන්ගේ මෙම ගෝලීය කටයුතු උදෙසා ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී ඇත. ශ්‍රී ලංකාවද මෙම බැංකුව සමග ගනුදෙනුවට පිවිසෙන්නේ මෙවැනි වටපිටාවක් යටතේය.

තම බැංකුව වෙතින් ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් බිලියන 365ක පමණ) ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් (Sovereign Bond) නැවැත ගෙවීම පැහැර හැරීම උදෙසා මෙම නඩුව පවරා ඇත. එනම් හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ‘28USC1330’ දරන ගිවිසුම කඩකිරීම උදෙසා අදාළ නඩුව පවරා ඇත. නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේදී (US District for the Southern District of New york) මෙම නඩුව පවරා ඇත්තේ, පසුගිය 2022 ජුනි 21 වැනිදාය. මෙහි සම්පූර්ණ විත්තිකරු ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයයි. අධිකරණ නඩු ගොනු අංක 1:2022CV05199’ යටතේ නඩුව ගොනුකර ඇත. ඇමෙරිකානු අධිකරණය විසින් මෙම නඩුව සම්බන්ධ සිතාසිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති මොහාන් පීරිස් මහතා වෙත පසුගියදා බාරදී ඇති අතර, ඔහු විසින් ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇත.

රජයේ බැඳුම්කරයක් හෝ ස්වෛරී බැඳුම්කරයක් යනු, රජයේ වියදම් සඳහා සහාය වීම සඳහා ජාතික රජයක් විසින් හෝ යම් පිළිගත් මූල්‍ය ආයතනයක් විසින් හෝ නිකුත් කරනු ලබන ණය බන්ධනයකි. එය කල්පිරෙන දිනයේදී පොලිය සමග ගෙවීමට බැඳී සිටින ගිවිසුමකි. මෙය සරලව පැවැසුවහොත් යමෙකු තවත් යමෙකුගෙන් ණය මුදලක් ලබා ගැනීම හා සමානය. කෙසේ හෝ මෙම අධිකරණ නඩුවේ වගතුග මුලින්ම වාර්තා කර තිබුණේ ‘බ්ලූම්බර්ග්’ නැමැති ප්‍රකට මාධ්‍ය සේවය මගිනි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර සහ මූල්‍ය කටයුතු විශ්ලේෂණ ආයතයකි. නඩුව ගොනුකර ඇති ‘හැමිල්ටන් රිසර්ව් බෑන්ක්’ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය තම ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ණය ගෙවීම නවත්වා දමා ඇති බැව්ය. එසේම මෙම ප්‍රධාන බැඳුම්කරයට අමතරව තවත් බැඳුම්කර දෙකකටද ගෙවීම් අතපසු කර ඇති බැව්ද මෙම බැංකුව තම නඩුව මගින් ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ ප්‍රධාන බැඳුම්කරයට අදාළ පොලිය සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක මුදලක් වහාම ගෙවන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

මෙම බැඳුම්කරය 2022 ජූලි 25 වැනිදා කල්පිරීමට නියමිත අතර, එම මුළු මුදල ඩොලර් මිලියන 1000ක් නොහොත් ඩොලර් බිලියන 01කි. යටකී බැංකුව විසින් මෙසේ ගොනුකර ඇති නඩුවේ පිටපත පිටු 17කින් සමන්විත වූ ඉතා දීර්ඝ, සවිස්තරාත්මක එකකි. මෙහි සමහර කරුණු, ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පරිපාලනය සහ එම පරිපාලනයට සම්බන්ධ යම් රාජ්‍ය පාලකයන් සහ එම පවුල්වල තොරතුරුද දැඩි ලෙස විවේචනයට පත්කර සිටියි. එසේම ඇමෙරිකානු අධිකරණයක් වෙත ඉදිරිපත් කර තිබෙන මෙවැනි තොරතුරු හරහා වත්මන් රාජ්‍ය පාලනය දැඩි පරිභවයකටද පත්ව ඇති ආකාරය දක්නට හැකිය. එම නඩු වාර්තාවේ එක් තැනෙක මෙසේ කියා ප්‍රකාශ කර ඇත.

‘ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය, මෙරට රජය පාලනය කරනු ලබන උසස්තම රාජ්‍ය පරිපාලකයන් විසින් සිතාමතාම නිර්මාණය කරන ලද්දක් බැව් පැහැදිලිවම පේනවා. මේ සඳහා දැනට පාලක බලයේ සිටින රාජපක්‍ෂ කණ්ඩායම අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. ජනාධිපතිගේ සිට රජයේ වෙනත් ඉහළම තනතුරු දරන රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් එයට අයත් වෙනවා. වසර ගණනාවක් පුරා මහා පරිමාණ දූෂණ, වංචා මගින් මෙම රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් මුදල් සොරකම් කරමින් තමන්ගේ සාක්කු පුරවාගත් බවට චෝදනා ලැබුවා. ඇමෙරිකානු රජයේ නිලධාරීන් සහ ලෝකයේ ගවේෂණශීලී මාධ්‍යවේදීන් රැසක්ම මෙම මහා පරිමාණ වංචා ගැන තොරතුරු හෙළිකර තිබෙනවා. රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හට ලෝකයේ රටවල් කිහිපයකම තිබෙන රහසිගත බැංකු ගිණුම් තුළ ඩොලර් බිලියන ගණනක වත්කම් තිබෙන බැව් ප්‍රකාශ වී තිබෙනවා. මෙසේ ඔවුන් ඩොලර් බිලියන ගණනක ධනයක් උපයා ඇති අතර, ඒ මුදල් ලිහිල් මූල්‍ය නීති ඇති ඩුබායි, සීෂෙල්ස් සහ සෙන්ට්මාටින් වැනි දූපත්වල සඟවා තිබෙනවා. ඇමෙරිකානු රජයේ ලේඛනවලට අනුව බැසිල් රාජපක්‍ෂ නැමැති ඇමෙරිකානු, ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියා රජයේ තනතුරු දැරීමට පෙර සිටම හඳුන්වා දී ඇත්තේ ‘මිස්ටර් ටෙන් පසන්ට්’ (Mister Ten Persent) යන අන්වර්ථ වූ නාමයකින්. ඊට හේතුව ඔහු සෑම ව්‍යාපෘතියකින්ම 10%ක කොමිස් මුදලක් ඉල්ලා සිටීමත්, පුද්ගලයන් මුදලට ගැනීමේ පුරුද්දක්ද තිබූ නිසයි. බැසිල් රාජපක්‍ෂ මේ රජයේ හිටපු මුදල් ඇමැතිවරයා මෙන්ම, දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඔහු ඉල්ලා අස්වී සිටියි. ඔහුට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ නිවාස සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එහි වාසය කරති. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වන බැසිල් රාජපක්‍ෂට, බොහෝ විට විවිධ වගකීම් පැවරීමට මහින්ද රාජපක්‍ෂ කටයුතු කර තිබෙනවා. එහෙත් එසේ සිදුකළේ බැසිල් රාජපක්‍ෂගේ ඉතාමත් සීමිත අධ්‍යාපනයත්, කාර්යය පළපුරුද්දේ ඉතාමත්ම අඩු තත්ත්වයක් තිබියදීයි.’

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලනයට කාලයක් පුරා සම්බන්ධව සිටින රාජපජෂ පවුලට අදාළව, ඇමෙරිකාවේ අධිකරණයක නඩු වාර්තාවක මෙලෙස සඳහන්වී තිබීම, අතිශයම ලැජ්ජාසහගත සහ කනගාටුදායක තත්ත්වයක් බවට පත්වී ඇත. එසේම මෙම ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම් පැහැරීම, 1948න් පසු බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද ප්‍රථම පැහැර හැරීම බැව් විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කර ඇත. එසේම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ණය ව්‍යාපෘතියක් සාකච්ඡා කරන අතරවාරයේදී මෙම නඩුහබ කතාන්දරයද අසන්නට ලැබීම විශේෂත්වයක් විය. ශ්‍රී ලංකාව පසුගියදා දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය ගෙවීම නවතා දැමීමට තීරණය කළේය. මෙම නඩුව පැවරෙන්නේද එවැනි පසුබිමකදීය. මේ අතර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව එය ක්‍රියාත්මක වනතෙක්, ලෝක බැංකුව නැවැත ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන බැව්ද ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා රජය දැඩි උත්සාහයක නිරතව සිටියද, එම කටයුතු දැඩි ලෙස අසාර්ථක තත්ත්වයට පත්වී ඇත. එසේම ශ්‍රී ලංකාව නිදහසින් පසුව මෙවැනි නඩුවකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව ලෙසද ඉහත අර්බුදය සැලකෙයි. ශ්‍රී ලංකාවට මෙම නඩුකරයට මුහුණ දීමෙන් වැළකී සිටීමට කිසිදු මුක්තියක් නැතැයිද, ඉහත බැංකුව මෙම නඩුව ගොනුකරමින් සඳහන් කර තිබෙයි. දැනට ශ්‍රී ලංකාවට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 52ක පමණ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට හැකියාවක් නැතැයි රජය ප්‍රකාශ කළේ පසුගිය 2022 අප්‍රේල් මාසයේදීය. ඒ අනුව එම ණය නොගෙවීමටද රජය තීරණය කළ අතර, මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව යනු ණය ගෙවීම පැහැර හරින රටක් ලෙසට අසාදු ලේඛනගත කෙරිණි. කෙසේ හෝ ඉහත විදේශ ණය ප්‍රමාණයට පොලී ප්‍රමාණයද එකතු වූ පසුව එය ඩොලර් බිලියන 78ක පමණ ප්‍රමාණයක් වෙයි. මේ අනුව ණය ගෙවීම පැහැරහරින රටක් ලෙසට අසාදු ලේඛනගතවී ඇත්තේ, හරියටම වසර 70කට අධික කාලයකට පසුවය. මෙය ඉතිහාසගත වන වාර්තාවකි. එසේම මෙලෙස ණය ගෙවීම පැහැර හැරීම මත ප්‍රථම නඩුවද ගොනු කරනු ලැබුවේ ඉහත ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුව මගින් වීමද තවත් වාර්තාවකි. කෙසේ හෝ මේ ආකාරයට ඉදිරියේදී තවත් කුමන ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය අයුරින් කරන්නේ දැයි අවිනිශ්චිතය. මෙම තත්ත්වය තවත් උත්සන්න වුවහොත් ඉදිරියේදී ණය ලබා දීමට සිතා සිටි සංවිධාන පවා වහාම එම අදහසින් ඉවත් වනු නියතය. මෙම නඩුහබය එක් මංගල පියවරක් පමණකි. කෙළවර සිතාගත නොහැක.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සභාපති ජනකට ආණ්ඩු පක්ෂයේ විරෝධය! අයින් කරන්න රනිල් 113 ඉල්ලයි! EXCLUSIVE

Next Post

අපොයි දෙයියනේ මුන් ටික එකතු වෙලා රට වට්ටපු තැනක්! අත දරුවා වඩාගෙන ආ අම්මගේ බෙල්ල කපලා මරලා චේන් එක අරන් ගිහින්!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.