කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකානු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් හට වසර 22ක සිර දඩුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය ඊයේ (25) පියවර ගෙන ඇත.
මෙය අමෙරීකානු අදිකරණයක් මගින් පොලිස් නිලධාරියකුට ලබා දුන් දීර්ඝම සිර දඩුවම ලෙසද සැලකේ.
නඩු විභාගය අතරතුරදී ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් හට පළමු වතාවට කතා කර ඇති ඩෙරික් චෝවින් සිය කනගාටුව එම පවුලට ප්‍රකාශ කොට ඇති බව පැවසේ.










