ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ ඇමරිකාව පැත්තට යන බවත් පොහොට්ටුවට ඇමෙරිකානු හිතවත්කමක් නැති හේතුවෙන් රනිල් වික්‍රමසිංහට බලය දුන්නේ ජාත්‍යන්තර සහයෝගය බලාපොරොත්තුවෙන් බවත් එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ඔවුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










