ඊයේ (14) සවස 6.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි.Sri Lanka Latest News
කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ.
බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
පොලිසියට ඔත්තු ලබා දුන් බවට වූ සැකයක් මත මෙම ඝාතනය සිදු කොට ඇති බව පැවසේ.










