• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාකිලංගමුවේ සංජීව ගැන මෙහේ පත්තරවල ගිය ඔක්කොම කතා බොරු! ප්‍රශ්නකිරීම්වලදී සංජීවට සහාය දුන් ‌දේශපාලකයන්ගේ-නීතීඥවරුන්ගේ-පොලිස් නිලධාරීන්ගේ නම්ගම් එළියට එයි! CIDය පාස්පෝට් නිලධාරීන් පිරිසක් පස්සේ පන්නන්න පටන් ගනී! I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්කුඩු ජාවාරම හා බැඳී සිටින පාතාලයේ අපරාධකරුවන් බොහෝ දෙනකුම දැන් සිටින්නේ රටින් පිටය. පාතාල අපරාධකරුවන්ට නීති විරෝධි ආකාරයට විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ ජාලයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු වෙමින් ඇත්තේය. ඒ පාතාල අපරාධකරුවන් දහ දොළොස් දෙනකුට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දීමක් ගැනය. ආගමන විගමන නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටින්නේ පන්නමිනි.Sri Lanka Latest News

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම කුලී ඝාතකයෙක් ද වන සංජීව කුමාර සමරරත්න නොහොත් මාකිලංගමුවේ සංජීව එසේත් නැතිනම් ගනේමුල්ලේ සංජීව නමැති පාතාල අපරාධකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පසුගිය 13 වෙනිදා අත්අඩංගුවට ගනු ලබන්නේ ද ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණෙමින් සිටියදීය. මාකිලංගමුවේ සංජීව රටින් පනින්නේ මන්නාරමෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවටය. ඒ වසර එකහමාරකට පෙරය. ඒ පැනගත් ඔහු කෙළින්ම යන්නේ ඉන්දියාවේ නේපාල සීමාවටය. මෙරටින් ඉන්දියාවට පනින පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් ආරක්ෂිතව නවාතැන් ගන්නට තෝරා ගන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරය.

මාකිලන්ගමුවේ සංජීව මෑතකදී ඉන්දියානු ආරක්ෂක අංශ වෙත හසුවූ බව කියැවුණි. ඒ නේපාල සීමාවේදීය. ගොත අසංකද ඔහු සමඟ සිටි බව ඒත් එක්කම සඳහන් විය. මාකිලංගමුවේ සංජීවගේ තොරතුරු මත මොහොමඩ් සිද්ධික්ව ඕමානයේදී කොටු කරගත් බව ද ඒත් එක්කම කියැවිණි. ඒ හැම දෙයක් ගැනම මාකිලංගමුවේ සංජීවගෙන් ප්‍රශ්න කර දැන් හරියටම දැන ගැනීමට හැකියාවක් ලැබී ඇත්තේය. ඔහු සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදු වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධික්ෂණයෙනි.

මාකිලංගමුවේ සංජීව වසර එකහමාරකට පමණ පෙර රටින් පනින්නේ ද නීතිඥවරු පිරිසකගේ රැකවරණයක් ලබමිනි. මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නකටම චෝදනා ලැබ කාලයක් තිස්සේම රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සංජීව අධිකරණයෙන් එළියට එන්නේ අධිකරණ පරිශ්‍රය තුළදීම නීතිඥවරයකුගේ ජිප් රථයකට ගොඩ වෙමිනි. අනතුරුව ඔහු නිවෙසින්ද අතුරුදන් වන්නේ නීතීඥවරු එම නි‍ෙවසින් පිටව යාමත් සමඟිනි. බුද්ධි අංශවලට ලැබී තිබුණු තොරතුරුවලට අනුව නම් ඔහු ඉන්දියාවට පැන ගන්නේ සති කිහිපයක් මෙරට රැඳී සිටිමෙන් අනතුරුවය. එහෙත් සංජීවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවෙමින් ඇතැයි කියැවෙන්නේ ඇප ලැබී පැය 24ක පමණ කාලයක් තුළ මන්නාරමෙන් බෝට්ටුවක නැඟී ඔහු ඉන්දියාවට ගිය බවය.

සංජීව මේ හැම දෙයක්ම දැන් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨසෙයේ නිලධාරීන් හමුවේ සිටින්නේ වමාරමිනි. ඒ සඳහා ඔහුට සහය දුන් නීතිඥවරු ගැන පමණක් නොව, දේශපාලනයට සම්බන්ධ වූවෝ ගැන ද කියති. මේ දේවල් එළියට එන විට සංජීවගේ දුක සැප බලන්නට ඔහුව රඳවා සිටින බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය ගොඩනැගිල්ලට නීතිඥවරු වැල නොකැඩී පෝලිමට එන්නේ රැයක් දවාලක් නොමැතිවය. පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනු ලබන්නේ සංජීවගේ මානව හිමිකම ගැන පමණි.

සංජීව රටින් පලාගිය පසුවත් මිනිස් ඝාතන ඇතුළු බොහෝ අපරාධ මෙහෙයවා තිබුණි. මෑතකදී හිටි හැටියේ මතුවූ පාතාල ඝාතන රැල්ලේ ආරම්භය සනිටුහන් කරනු ලැබුවේද මාකිලංගමුවේ සංජීවය. මේ හැම දෙයක් ගැනම සංජීව මේ වන විට සිටින්නේ වමාරමිනි.

එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් සමඟ පවා සංජීවට ඉතා කිට්ටු සම්බන්ධයක් තිබුණේය. එම සම්බන්ධකම් ඔහුට ගොඩනැඟෙන්නේ බන්ධනාගාරය තුළදීය. සංජීව විසින් එල්. ටී. ටී. ඊ. යේ වෙඩික්කරුවන්ගෙන් පවා හොඳටම වැඩ ගත්තේය. කොස්ගොඩ සුජීගෙන් සහ මාකඳුරේ මධුෂ්ගෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් හොඳටම වැඩ ගත්තේ මාකිලංගමුවේ සංජීවය.

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු සමඟ කළ උත්සාහයක් ගැන ද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළිකර ගත්තේය. එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන් ද සමඟ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙයුමකට අනුව කොටුකර ගන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ජීවිතය ද ආරක්ෂා කර ගනිමිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක් ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයා ගත්තේය. උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකිලංගමුවේ සංජීවගේ අතට පත්වන බව තහවුරු වන්නේ එහිදීය. ඒ වන විට සංජීව සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ 2015 වසරේ සිටය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාලයේ ප්‍රබලයා ඝාතනය කිරීමේ අරමුණින් 2015 වසරේදී දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ ඇති ඉංගම්හන්දියේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලබන්නේ පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් රැසකගේ මෙහෙයැවීමෙනි.

ඒ වන විට මාකිලංගමුවේ සංජීව සිටියේ පාතාලයේ චරිතයක් බවට පත්වය. ඒ තැනට ඔහු පත්වන්නේ ටිකෙන් ටිකය. සංජීවගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්වවිද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙක් බවය. ඔහුගේ පියා වතුපිටිවල රෝහලේ හිටපු දුරකතන ක්‍රියාකරුවෙකි. සමුපකාර පරීක්ෂකවරයෙක් ලෙස ගම්පහ පැත්තේ සමුපාකාරයක ද සේවයේ නිරතව සිට ඇති සංජීව යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළෙක් ලෙස ද සේවය කර ඇත්තේය. ඒ යුද්ධය දරුණුවටම පැවති වකවානුවේදීය. යුද හමුදා කමාන්ඩෝ බළකායට එක්වන්නේ රට ජාතිය ගැන ඇතිවුණූ කැක්කුමකිනි. එහෙත් ඔහු වැඩි කාලයක් හමුදා සේවයේ නිරතව සිටියේ නැත. ඉන් ඉවත්ව නයිවල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙක් ලෙස සේවයේ නිරතව සිටියේය. කායවර්ධන ශිල්පියෙක් මෙන්ම කරාතේ ශූරයෙක් වූ බැවින්ම සංජීවට එම රැකියාව හොඳින්ම ගැළපුණේය.

සංජීව අපරාධකරුවෙක් ලෙස භෞතීස්ම ලබන්නේ ඔහු සේවයේ නිරතව සිටි කායවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ නතරකර තිබුණු කලගෙඩිහේනේ පිහිටි ආයතනයකට අයත් බේකරි ආහාර බෙදා හරින ලොරියකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟිනි. ඔහු සමඟ කාය වර්ධන මධ්‍යස්ථානයට නිතර එන යන සංජීවගේ මිතුරකුව ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේය. වේයන්ගොඩ චාමර නමින් පසුකාලයේ නම ගිය මැරයෙක් බවට පත්වන්නේ ඔහුය. 2004 වසරේ සිදුවුණු එම කොල්ලයට බන්ධනාගාරගත වන සංජීව වැඩි කාලයක් හිරේ විලංගුවේ වැටී සිටියේ නැත. ඇප මත නිදහස ලැබීමෙන් පසුව නැවතත් සුපුරුදු කායවර්ධන උපදේශක රැකියාවට පිවිසෙන්නේ ගනේමුල්ල පැත්තේ කායවර්ධන මධ්‍යස්ථානයකිනි. බටුවත්තේ එකල නමගිය පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් ඔහු දැන හඳුනා ගන්නේ එහිදීය. ඒ අය අතර බටුවත්තේ චූලා ද සිටියේය.

ඒ වන විට බටුවත්තේ චූලා ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින්නේ විදෙස් බැංකුවක මෙරට ශාඛාවක මුදල් ප්‍රවාහනය කරන සේප්පු ලොරියක් කොල්කෑමටය. ඊට සම්බන්ධවන්නට සංජීවට ද ආරාධනාවක් ලැබෙන්නේ බටුවත්තේ චූලාගෙනි. අතේ සතේ නැතිව සිටි සංජීව ඊට කැමැත්ත පළ කරන්නේ එක පයින්මය. කොල්ලය සිදුවන්නේ 2009 වසරේදීය. එකල සිදුවුණු විශාලතම මුදල් කොල්ලය වූයේ එයයි. රුපියල් කෝටි 07 ක් එදා ඔවුන් කොල්ලකෑවෝය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට‍්ඨාසයයි. එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ය. ඔහු යටතේ ක්‍රියාත්මක එකී පොලිස් කණ්ඩායම බටුවත්තේ චූලා, සංජීව ඇතුළු කොල්ල කල්ලියම අත්අඩංගුවට ගන්නේ කොල්ලකන මුදල් ද, ඒ සඳහා යොදාගත් ගිනි අවිද සමඟිනි. සංජීව කුමාර සමරරත්නට මාකිලංගමුවේ සංජීව යැයි නම පට බැදෙන්නේ ඒත් එක්කමය. ඒත් එක්කම ඔහු කොළඹ පාතාලයේ නමගිය අපරාධකරුවන් වූ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් සමඟ එක්ව මත්කුඩු ජාවාරමට ද අත තැබුවේය. රට වටේම කොල්ලකෑම් මෙහෙයවන්නට ද ගත්තේය. දෙමටගොඩ චමින්දට ප්‍රහාරයක් එල්ල කරන්නට සංජීව සම්බන්ධ වන්නේ ද බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ගේ ඉල්ලීමකට අනුවය.

දෙමටගොඩ චමින්දව ඝාතනය කිරීමට ගොස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන මාකිලංගමුවේ සංජීව බන්ධනාගාරගත වූ පසු දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වූ කොස්ගොඩ සුජීගේ කල්ලියේ ක්‍රියාකාරීකයෙක් වූ පොඩි ලැසී සමඟ ද සම්බන්ධකම් ගොඩනඟා ගත්තේය. ඒ ඔස්සේ ඔහු දකුණ කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම හා සම්බන්ධ වෙමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමට මුලපුරන්නේ බන්ධනාගාරයේ සිටය. ඒ අතර ගම්පහ ප්‍රකට චරිතයක් මෙන්ම ව්‍යාපාරිකයෙක් ද වන ඔස්මන්ව අවස්ථා කිහිපයකදීම ඝාතනය කරන්නට උත්සාහයක ද නිරත වන්නේ බන්ධනාගාරයේ සිට ජංගම දුරකතයෙන් සිය ගෝලයන් මෙහෙයවමිනි. සංජීවගේ ඉලක්කය බවට ඔස්මන්ව පත්වන්නේ ගම්පහ පැත්තේ සිය බලය ව්‍යාප්ත කිරීමට හෝ මත්කුඩු ජාවාරම මෙහෙයවීමට ඔස්මන්ගෙන් ඉඩක් නොලැබෙන බැවිනි. අවස්ථා ගණනාවකදීම ඔහු සිය ගෝලබාලයන් යොදා ඔස්මන්ට කුරුමාණම් ඇල්ලුවේය. ඒ හැම අවස්ථාවකදීම ඔස්මන් දිවි ගලවා ගත්තේ මාකිලංගමුවේ සංජීවට පවා හිතා ගන්න බැරි ලොකු තොරතුරු ජාලයක් ඔහුට පැවතුණු බැවිනි.

මාකිලංගමුවේ සංජීවට ඇති එල්.ටී.ටී.ඊ.යේ සම්බන්ධකම් ගැන තොරතුරු හෙළිවන්නේ 2019 වසරේදී රාජ්‍ය බුද්ධි සේවයේ බුද්ධි මෙහෙයුමකිනි. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මිනුවන්ගොඩ හා වේයන්ගොඩ ආශ්‍රීතව කළ වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලද පාතාලයේත් එල්.ටී.ටී.ඊ.යේත් 14 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඒ අයගෙන් හත් දෙනෙක්ම මඩකලපුව , නැදුන්කර්නි, කිලිනොච්චිය, මුලතිව්, කයිට්ස් ආදී පැතිවල පදිංචිකරුවන්ය. ඔවුන් එල්.ටී.ටී.ඊයේ හිටපු සාමාජිකයන්ය. ඒ අයට නායකත්වය දුන්නේ යැයි හෙළි වූයේ එල්.ටී.ටී.ඊ. යේ හිටපු ප්‍රබල සාමාජිකයෙක් වන වේන්දන්ය. ඔහු 2007 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවා ගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් අයෙකි. යුද්ධය නිමවීමෙන් පසු හමුදාවට බාර නොවී කට්ටි පනිමින් නම් කිහිපයකින්ම ඔහු පෙනී සිටියේය. වේන්දන් යැයි කියා ඔහුව හැඳින්වූයේ පොලිසියයි. යුද හමුදාව ඔහුට කීවේ අප්පම් යැයි කියාය. නාවික හමුදාව ඔහුව හඳුන්වන්නේ නෙරන්ජන් යැයි ලෙසිනි. කුමන නමකින් හැඳින්වූවත් මේ පුද්ගලයා දරුණු ගණයේ ත්‍රස්තවාදියෙක් බව නම් මේ තුන්ගොල්ලටම දැන සිටියේය.

වේන්දන්ගේ ප්‍රධාන හවුල්කරුවෙක් වන්නේ ගනපති කදිරවේලු නොහොත් සාමිය. කයිට්ස් හී පදිංචිකරුවෙක් වන ඔහු පූසාරියෙකි. ඔහුත් අත්අඩංගුවට පත්වූ අය අතර සිටියේය. මේ අය හැරුණු කොට කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට ගැනුණු අය අතර සිටි සෙසු සැකකරුවන් දකුණේ පාතාල අපරාධකරුවන්ය. ඒ අය රාජගිරිය, නිට්ටඹුව සහ ගම්පහ පැත්තේ පදිංචිකරුවන්ය. ඔවුහු මාකිලංගමුවේ සංජීව සහ කඩුවෙල ගොත අසංකගේ කල්ලියේ සාමාජිකයෝය.

මාකිලංගමුවේ සංජීව සමඟ වේදන් සහ සාමි සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ බන්ධනාගාරයේදීය. ඒ මිනිස් ඡාවාරමට සහ මුදල් වංචා කිරීම්වලට පොලිසියට කොටුවී මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදීය. මේ දෙදෙනා ඒ වන විට අධික ලෙස අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහිව සිට ඇති බව කියැවෙති. බන්ධනාගාරයේදී ඔවුන් දෙදෙනාට අයිස් දුන්නේ යැයි කියැවෙන්නේ සංජීවය. වේන්දන් සහ සාමිට අයිස් දී තමා වෙත කිට්ටු කර ගන්නේ එකල ඔහුට බාධාවක්ව පැවැති මාකඳුරේ මධුෂ්ට වැඩක්දී පාතාලයේ ගෝඩ්ෆාදර් වීමේ සිහිනය ඉටු කර ගන්නටය. සාමි සහ වේදන් ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට ගියත් සංජීව ඇතුළේ ඉදන් ඔවුන් සමඟ ලොකු වැඩකට අතගසා තිබුණේය.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සහ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට අනුව එදා හෙලිවී තිබුණේ වේන්දන් සහ සාමි උතුරේ වල දමා ඇති ගිනි අවි සහ බෝම්බ ගොඩගෙන සංජීව හරහා පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමක් ජයටම කරගෙන ගිය බවකි. මේ කල්ලිය දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ. සුමන්තිරන්ට අනතුරක් කිරීමටද සූදානමින් සිට ඇති බව ද එකල අනාවරණය වී තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එකල කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ වේදන්ගේ කල්ලිය ඒ වන විටත් පිස්තෝල 10 ක් සහ ටී 56 අවි 10 ක් ඇතුළු ආයුධ රැසක් සංජීවගේ කල්ලිය අතට පත්කර ඇති බවය. එම ආයුධ වලින් කොටසක් සමඟ කිලෝ 10ක් බරැති ක්ලේමෝ බෝම්බයක් ද සමඟ කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරීන් විසින් සිය විමර්ශන ඔස්සේ සොයාගෙන ද තිබුණේය.

සංජීවගේ ගෝලබාලයන් ඔහුට ආයුධ සපයන එල්.ටී.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් සමඟ කොටු කර ගන්නා විට සංජීව සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය. ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය විර්ශන තොරතුරු ඔස්සේ සොයාගත් කරුණු අධිකරණයට දක්වමින් බන්ධනාගාරයේ සිටි සංජීව සිය භාරයට ගැනීමට ද පියවර ගත්තේය. ඒ 2019 වසරේ පෙබරවාරියේදීය.

කොළඹ අපරාධ කොට්ඨාශය සිය භාරයට සංජීව රඳවා තැබෙන්නේ ‍දෙමටගොඩ කොළොන්නාව පාරේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ සිරමැදිරියකය. සතියකට දෙකකට වඩා ඔහු එහි රඳවා තබා ගත්තේ නැත. වැඩි ආරක්ෂාවට යැයි කියා වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේ ඔහුව රඳවා තැබීමට පොලිස් බලධාරීන් පියවර ගත්තේය.

මාකිලංගමුවේ සංජීව බන්ධනාගාරයේ සිට හැම ගේමක්ම ගැසුවේ ජංගම දුරකතනයෙනි. බන්ධනාගාරයේ මෙන් පොලිස් සිරමැදිරියේ රඳවා තබන විට සංජීවට ජංගම දුරකතන භාවිත කිරීමට අවස්ථාවක් නැතැයි පොලිසිය සිතුවේය. එහෙත් ඔහු වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙක් මිතුරු කරගනිමින් එක් දුරකතනයක් පමණක් නොව, දුරකතන දෙකක්ම සිර මැදිරියට ගෙන්වා ගත්තේය. එම දුරකතන දෙක සිරමැදිරියේ වැසිකිලි පෝච්චිය අසල වළක් හාරා එහි වළ දමා තබා ගෙන හිරගෙදරට වඩා හොඳින් මත්කුඩු ජාවාරම මෙහෙයුවේය. අවසානයේදී සංජීව ජංගම දුරකතන දෙකක් පොලිස් සිරමැදිරියේ තබාගෙන සිටින බවට වූ ඔත්තුව පොලිසියට දෙන්නේ ද ඔස්මන්ය.

මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සිටි මාකිලංගමුවේ සංජීව එදා කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගන්නේ එල්.ටී.ටී.ඊ.ය සමඟ කළ ආයුධ ජාවාරමක් මෙන්ම කොන්ත්‍රාත් මිනිස් ඝාතන ගැන ප්‍රශ්න කරන්නටය. වසර දෙකකට වැඩි කාලයක් පුරාවට එම විමර්ශන ඇදී ගියේය. ඒ අතර ඇතුළේ ඉඳන් සංජීව තවත් ඝාතන කිහිපයක්ම මෙහෙයවනු ලැබීය. මහර කඩවත දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකුට 2022 වසරේ මාර්තු 24 වෙනිදා වෙඩි තබා මරා දමවන්නේ ද සිය අනියම් බිරිය සතුටු කිරීමටය.

බන්ධනාගාරගතව සිටිමින් මෙසේ පාතාලයේ වැඩ පෙන්වූ සංජීව වසර එකහමාරකට පෙර ඇප ලබා එළියට එන්නේ ලොකුම නීතීඥ සමාගමක පිහිටෙනි. ඒ පැමිණි වහාම රටිනුත් පලා යන ඔහු ඉන්දියාවේත් නේපාලයේත් රැඳී සිටිමින් කළ ඝාතන හා මත්කුඩු ජාවාරම ගැන බොහෝ තොරතුරු මේ වන විටත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ සිටින්නේ වමාරමිනි.

සංජීව පවසන්නේ තමාව ඉන්දියානු සහ නේපාල ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්බවට මෙරට මාධ්‍යවල පළ වූ තොරතුරු හැම එකක්ම බොරු බවය. එරට තමාව අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් මාධ්‍යවල ප්‍රසිද්ධ වූ ඡායාරූපය තමා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී ලබාගත් එකක් බවද ඔහු කීවේය. තමාව අත්අඩංගුවටගත් බවට වූ එම තොරතුරුවලට රැවටී තමාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයින් සිය බිරිඳ සහ පවුලේ සාමාජිකයන් ජීවත්වන නි‍ෙවසට වෙඩි තැබූ බව ද සංජීව පවසා ඇත. ඒ අයට වැඩක් දෙන්නට තමා සූදානමින් සිටි බවද ඔහු පවසන්නේය. ඒ මෙරටට පැමිණය.

සංජීව පවසා ඇත්තේ තමා වැඩි කාලයක්ම රැඳී සිටියේ නේපාලයේ බවය. තමාගේ නමින් නොවන විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට ඔහුට සිතක් පහළ වන්නේ ද නේපාලයේ රැඳී සිටියදීය. ඒ නේපාලයේ සිට යුරෝපීය රටකට පැන ගන්නටය. ඒ වෙනුවෙන් ඔහු යම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ 07ක මුදලක් වැය කර තිබුණේය. ඒ පුද්ගලයා සංජීව අතට සේනාධිරගේ කරුණාරත්න නමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ලබාදී ඇත්තේ ඒ අනුවය. එම විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කළ දිනය ලෙස සඳහන් වන්නේ 2022 වසරේ ජනවාරි 10 වෙනිදාය. එහි ඉන්දියානු සහ නේපාල වීසා පවා සටහන්ව ඇත්තේය. ඉන්දියානු වීසා බලපත්‍රයට අනුව ඔහුට ඉන්දියානු වීසා බලපත්‍ර ලැබී ඇත්තේ පසුගිය අගෝස්තු 16 වෙනිදාය. ශ්‍රී ලංකාවෙන් පිටවූ බවට වූ ආගමන විගමන මුද්‍රා සටහන්ව ඇත්තේ අගෝස්තු 30 වෙනිදා ලෙසනි. ඉන්දියාවෙන් පිටවූ බවට එහිම ඉන්දියාවේ ආගමන විගමන නිල මුද්‍රා ඇත්තේ සැත්තැම්බර් 04 දාතමිනි. එසේම නේපාලයට ඇතුළු වීමට වීසා නිකුත් කර ඇත්තේ අගෝස්තු 24 වෙනිදාය. කියැවෙන ආකාරයට මේ හැම එකක්ම පාහේ ව්‍යාජය. ප්‍රශ්න කිරීම් හමුවේ සංජීව පවසා ඇති ආකාරයට අනුව මෙම විදෙස් ගමන් බලපත්‍රයෙන් නේපාලයේ සිට ඔහු ගුවන්ගත වන්නේ කටාර් වෙතය. එහිදී විදෙස් ගමන් බලපත්‍රය සහ එහි ඇති වීසා සටහන් සම්බන්ධයෙන් ඇතිවන යම් සැකයක් මත කටාර්හි ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුව ගුවන්තොටුපොළේම රඳවා ගෙන ප්‍රශ්න කර දින තුනක්ම ගුවන්තොටුපොළේ ආරක්ෂක නිවස්නයක රඳවා ගෙන සිටියේය. අනතුරුව ඔහුව නැවත හරවා යැවෙන්නේ නේපාලයටමය. ඒ ඔහු පැමිණියේ නේපාලයේ සිට බැවින් සහ නැවත ඔහුට ගමන් කිරීමට ගුවන් ටිකට්පත් තිබුණේ නේපාලයට වූ බැවිනි.

සාමාන්‍යයෙන් මෙවැනි ගමන් බලපත්‍ර ගැටලුවකදී ගුවන් මගියෙක් ආපහු හරවා යැවෙන්නේ මවුරට වෙතය. එහෙත් කුමන හෝ හේතුවක් මත මාකිලංගමුවේ සංජීව හරවා යවා ඇත්තේ නේපාලයටය. ඒ පිටුවහල් කිරීමක් ලෙසිනි. නේපාලයේ කත්මන්ඩු ගුවන්තොටුපොළට පය තබනවාත් සමඟ එරට ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුව සිය භාරයට ගන්නේ රටට ඇතුළුවීමට ඉඩ නොතබමිනි. ඒ බව කියන්නේ ද සංජීවය. එසේ රඳවාගත් ඔහුව කත්මන්ඩු සිට මෙරටට පැමිණි යූ.එල්. 182 දරන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ දමා මෙරටට එවන්නේ 13 වෙනිදා දහවල් 12.30ට පමණය. එම ගුවන් යානය ඊට පැය කිහිපයකට පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්ස වූ පසු ආගමන විගමන නිලධාරීන් ඔහුව සිය භාරයට ගන්නේ පිටුවහල් කිරීමක් වූ බැවිනි. ඒ වන විට ඔහු අත වූ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී පවා පෙනී යන්නට වූයේ එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවය. සේනාධිරගේ කරුණාවති නැමැති තැනැත්තිකට අයත් විදෙස් ගමන් බලපත්‍රයක ඇති තොරතුරු ඔස්සේ මෙම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ඇති බව පෙනී ගියේය. ඒ අනුව ඔහුව සිය භාරයට ගෙන ප්‍රශ්න කරන්නට වූයේ ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඇති රාජ්‍ය බුද්ධි සේවා අංශයේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් නිලධාරීන්ගේද සහාය ඇතිවය. මුලදී ඔහු තමාගේ අනන්‍යතාව හෙළි නොකළත් දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මාකිලංගමුවේ යැයි කියන්නේ තමාට බව පවසන්නට වූයේ ගැලවිල්ලක් නොමැති බව පසක් වීමෙන් අනතුරුවය. ඒ යැයි කියා ඔහුගේ එම ප්‍රකාශය පමණක් විශ්වාස කරමින් ඔහු මාකිලංගමුවේ සංජීව යැයි පිළිගන්නට ඒ කිසිවකුත් සූදානම් වූයේ නැත. කොළඹ 07 ටොරින්ටන්හි පිහිටි අපරාධ ලේඛනාගාරයෙන් ඔහුගේ ඡායාරූපයක් ගෙන්වාගෙන සංසන්දනයක් ද කළේය. ඒ අතර ඔහුගේ අනන්‍යතාව හඳුනා ගැනීමට ඇති තවත් විමර්ශන ගණනාවක්ම සිදු කරනු ලැබීය. මාකිලංගමුවේ සංජීව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ බව පොලිසිය නිල වශයෙන් පවසන්නට වූයේ එම තහවුරු කිරීම්වලින් අනතුරුවය. -සිළුමිණ

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කසිප්පු තිප්පොලක් වටලන්න ගිහින් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර ඇළක පාවෙමින් තිබියදී සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.