ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1,200 කට අධික පිරිසක් දිවයිනපුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.Sri Lanka Latest News
ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේ වන විට ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාර දෙමින් සිටින බව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි එම පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි බව වාර්තා වේ.
වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බවයි.
හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින එම කොට්ඨාසයේ අනෙකුත් නිලධාරීන් ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් (24) කැඳවීය.










