ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 302කින් දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.Sri Lanka Latest News
එහිදී මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 2ක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයකි.
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, දුශාන් හේමන්ත සහ දුශ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් විය.
කුසල් මෙන්ඩිස් අගනා උත්සාහයක් දරා පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යලි ක්‍රීඩාගාරයට හැරී ගියේය.
මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර Mohammed Shamiගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහුද දැවී ගියේය.
පිතිකරුවන් ලෙස යම්තාක් දුරකට සාර්ථක වීමට කසුන් රාජිත සමත් වූ අතර පන්දු 17කදී ලකුණු 14ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයකින් ගලවාගත්තේය.
නොදැවී පන්දුවට පහරදෙමින් හුදෙකළා සටහන නියැලුණු මහීෂ් තීක්ෂණ පන්දු 23කදී ලකුණු 12ක ලබාගත්තේය.
ඩිල්ශාන් මදුශංක ලකුණු 5ක් රැස්කරගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සුණුවිසුණු කර දැමු මොහොමඩ් ෂාමි ලකුණු 18කට කඩුලු 5ක් දවාගත්තේය.
මොහොමඩ් සිරාජ් ලකුණු 16කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.










