මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අලිරාජා සම්බන්ධව තවත් විශේෂ කරුණක්ද හෙළිකිරීමට අප සූදානම්ය. Sri Lanka Latest News
ඒ, ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන තරග වැදීම සඳහා නව දේශපාලන පක්ෂයක් අලිරාජා විසින් මිලදී ගෙන ඇති බවය.
එම පක්ෂයේ නම වන්නේ අරුණලු ජනතා සන්ධානයය. එහි සලකුණ ටැප් එකය.
දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ හා අනෙකුත් පක්ෂවලින් කැඩෙන දේශපාලන නායකයන් සියලු දෙනා එක්කොට ගෙන ඊළඟ මහ මැතිවරණයේදී දේශපාලන සන්ධානයක් බිහිකර ගැනීම අලිරාජාගේ මෙම නව පක්ෂය මිලදී ගැනීමේ අරමුණ බවය.










