අනුර කුමාර සහ එන්.පී.පී. ආණ්ඩුව අනුරගේ ඉන්දීය සංචාරයට වඩා චීන සංචාරය ගැන ලොකු පුරාජේරුවකින් කතා කරන බවක් පෙනෙන්නට තිබේ. හම්බන්තොට තෙල් පිරිපහදුව අනුර චීන සංචාරයේදී ලබාගත් ජයග්‍රහණයක් ලෙසත්, පෝට් සිටිහි කන්වෙන්ෂන් සෙන්ටර් එකද අනුරගේ චීන සංචාරයේ ජයග්‍රහණයක් ලෙසත් පෙන්වන්න එන්.පී.පී. ආණ්ඩුව උත්සාහ දරන බව පෙනේ.
එන්.පී.පී. ආණ්ඩුව මේ ජයග්‍රහණ ගැන කෙතරම් පුරාජේරු කීවත් සෝෂල් මීඩියාවල අනුර විපක්ෂයේ සිටියදී මෙරට චීන ව්‍යාපෘති ගැන කළ කතා වෛරල් වෙමින් තිබේ. පහත දැක්වෙන්නේ අනුර විපක්ෂයේ සිටියදී සිනොපෙක් සහ පෝට් සිටි ගැන කී කතාය.
අනුර 2021 පාර්ලිමේන්තුවේදී පෝට් සිටි ගැන කීවේ පෝට් සිටිය ලංකාවේ චීන කොලනියක් වීමට ඉඩ නොදෙන බවය.
පහත දැක්වෙන්නේ අනුර The Morningට පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පෝට් සිටිය ගැන දුන් උත්තරයය.
‘රටට දිගුකාලීන ඍණාත්මක බලපෑම් ඇති කරන චීන භූමියක් ගොඩනැගීම සඳහා ජනතාව කිසි විටෙකත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ රජයට ජනවරමක් ලබාදුන්නේ නෑ.
වර්තමානයේ ඉන්දියාව සහ චීනය අතර ගැටලු තියෙනවා. ශ්‍රී ලංකාව එක් රටක් සමග කටයුතු කර එහි භූ දේශපාලනික වැඩසටහනට අනුව කටයුතු කරන්නේ නම්, අපට අනෙක් රටෙන් එල්ල වන තර්ජන සඳහා සූදානම් වීමට සිදුවනවා.
රට වෙනුවෙන් ප්‍රධාන තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ජනතාවට පමණයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් සඳහා නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයැදුම්පතක් ගොනුකළා.’
පහත දැක්වෙන්නේ අනුර සිනොපෙක් ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයය.
921 / 5,000
‘අද පාර්ලිමේන්තු සැසිවාරයේදී, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන පිරවුම්හල් 250ක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් චීනයේ සිනොපෙක් ව්‍යාපෘතිය සැබෑ ආයෝජනයක් නොවන බවයි. අවස්ථාව ලබාදුන්නේ නම්, දේශීය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ද එවැනිම උත්සාහයක් දැරීමට ඉඩ තිබූ බවට ඔහු තර්ක කළේය.
පාර්ලිමේන්තුව අමතමින් දිසානායක මහතා අවධාරණය කළේ නීත්‍යනුකූල ආයෝජනයක් රටට තාක්ෂණය සහ ප්‍රාග්ධනය දායක වියයුතු බවයි. ඉන්ධන අලෙවිය සඳහා ඉන්ධන පිරවුම්හල් 250ක් පිහිටුවීමට චීන සමාගම ගත් මුලපිරීමේ ස්වභාවය පිළිබඳ ඔහු ප්‍රශ්න මතුකළ අතර, එය තාක්ෂණික දියුණුවක් හෝ ප්‍රාග්ධනය එකතු කිරීමක් ගෙන එන ආයෝජනයක් ලෙස සැබැවින්ම සුදුසුකම් ලබන්නේ දැයි ප්‍රශ්න කළේය.
චීන සමාගමට ඉන්ධන විකිණීම සඳහා ඉන්ධන පිරවුම්හල් 250ක් විවෘත කිරීමට අවස්ථාවක් ලබාදෙන ලදී. එය ආයෝජනයක්ද? එය තාක්ෂණය ලබාගැනීමක්ද? නැතහොත් ප්‍රාග්ධනයක්ද? ඩඩ්ලි සිරිසේනට පවා ඉන්ධන පිරවුම්හල් 250ක් විවෘත කළ හැකිව තිබිණි. එය ආයෝජනයක් නොවේ.’ ඔහු ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශ හරහා අනුර පෙන්වා දුන්නේ චීන ව්‍යාපෘතිවල තිබෙන අනතුරය. ඔහු පෝට් සිටිය ගැන හම්බන්තොට වරාය ගැන සිනොපෙක් ගැන ජනතාව දැනුවත් කරමින් පැහැදිලි කළේ එයින් රටට සිදුවන හානියය. මේ ප්‍රකාශ ඔහු කළේ ඈත අතීතයේ නොවේ. මෑතකදීය. 2021 සිට 2023 දක්වා මෑත කාලයේය. අනුරට සහ එන්.පී.පී.යට බලය දුන්නේ අනුර චීන ව්‍යාපෘතිවලින් රටට සිදුවන හානිය වළක්වයි කියා බලාපොරොත්තුවෙන්ය. චීනෙන් එවැන්නක් සිදුවී නැත. අනුර, රාජපක්ෂලා සහ රනිල් චීනය සමග ගිවිසුම් ගහපු ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කරගෙන යන්න එකඟවී තිබේ. ඒ අනුර විපක්ෂයේ සිටියදී කී චීන ව්‍යාපෘතිවලින් ලංකාවට එල්ල වන අනතුර එලෙස තිබියදීය. අනුර චීනයට ගොස් අස්සන් කළ MOU තවම ලංකාවට හෙළිකොට නැත. මීට පෙර මහින්ද, මෛත්‍රීපාල, රනිල් සහ දිනේෂ් චීනයට ගොස් අස්සන් කළ අවබෝධතා ගිවිසුම් චීන ස්ථාවරය අවසන් කරන විට ප්‍රකාශයට පත්කළේය. අනුරගේ චීන සංචාරයේ අවබෝධතා ගිවිසුම් තවම අබිරහසකි.










