මහනුවර පොදු ප්‍රවාහන සේවා සියල්ල ඒකාබද්ධ කෙරෙන ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා දුම්රිය ඉඩම් යොදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. Sri Lanka Latest News
මහනුවර ගුඩ්ෂෙඩ් අංගනයේ ඉදි කෙරෙන බහුවිධ ප්‍රවාහන මධස්ථානය සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 69.6 ක්.
මේ වන විට එහි බිම් මහලේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතිනවා.
එහි ප්‍රගතිය සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස් අබේකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එම පර්යන්තය ඉදිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුය සතු ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු හෙක්ටාර 1.9 ක භූමි ප්‍රමාණයක් මෙම ව්‍යපෘතියට යොදාගන්නවා.
එහිදී අහිමිවන දුම්රිය නිවාස වෙනුවෙන් මහල් 07 කින් සමන්විත දුම්රිය නේවාසික ඒකකයක් ඉදි කෙරෙනවා.










