අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් ඊයේ (7) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කර තිබේ.Sri Lanka Latest News
වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත.
විදෙස් වාර්තා පවසන්නේ සති දෙකක් පුරා ලුහුබැඳීමෙන් අනතුරුව උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම නෞකාව අමෙරිකාව සිය භාරයට ගෙන ඇති බවයි.
අමෙරිකානු හමුදා මෙම නැව ලුහුබඳිමින් සිටින බව දැනගැනීමෙන් අනතුරුව එම නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි.
එවන් පසුබිමක මෙලෙස අදාළ නෞකාව අමෙරිකාවේ ග්‍රහණයට නතුවීම සුවිශේෂීය.
විශේෂයෙන් අදාළ නෞකාව අමෙරිකාව විසින් සිය භාරයට ගන්නා විට රුසියානු සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් ඒ අසල තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම නෞකාව අමෙරිකානු භාරයට පත්වන විට අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍ය දූපත් අතරින් ගමන්කරමින් තිබුණි.










