එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය.
එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.











