• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 369කට පස්සේ පිල්ලෙයාන් රැවුලත් වවාගෙන එළියට එයි! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිම චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

April 2, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
දවස් 369කට පස්සේ පිල්ලෙයාන් රැවුලත් වවාගෙන එළියට එයි! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිම චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.Sri Lanka Latest News

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණි.

දින 359කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයේ සිටි සැකකරු අද පස්වරුවේ මුල්වරට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ ප්‍රශ්නගත උපකුලපතිවරයා මෙම සැකකරුගේ අනුබලය මත ඝාතනයට ලක්ව ඇති බවය.

“ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරාදැමීම්ද සිදුකර තිබෙනවා. මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා.ඇතැම් ඝාතනවලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා. ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත්කර තිබූ T56 ගිනි අවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා. “

අනතුරුව සැකකාර සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇප අයැදීමක් කරමින් කරුණු දැක්වුවාය.

” ස්වාමිනි, මගේ සේවාදායකයා බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙක් විදිහට බඳවාගැනීමේ ඉඳලා අවුරුදු 18ක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කොටුවෙලා හිටියා. පස්සේ 2015 ඉඳලා අවුරුදු 05ක් පරරාජසිංහම් ඝාතනයට කියලා නොකළ වරදකට රිමාන්ඩ් භාරයේ සිටියා. නමුත් අද දක්වාම ඔහු කිසිදු වරදකට වරදකරුවෙකු වෙලා නැහැ. ස්වාමිනි, මොහු මේ නඩුවේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කරලාත් නැහැ, අධිකරණය මඟහැරලාත් නැහැ. මොහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එය ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. මොකද අත්අඩංගුවට ගන්නා මොහොත වෙද්දිත් වත්මන් ආණ්ඩුව යටතේත් මොහුට පොලිස් නිලධාරීන් 05කගේ ආරක්ෂාවක් ලබාදී තිබුණා. නමුත් බන්ධනාගාරය ඇතුළේ එවැනි ආරක්ෂාවක් නැහැ. එබැවින් මොහුව ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා.”

කෙසේවෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විරුද්ධ වුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගලකිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අදාළත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති කෘත්‍යයක් පවතින බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

SendShareShare
Previous Post

දිට්වා කුණාටුවට කලින් ප්‍රකාශයක් කරලා ඊට පස්සේ නොපෙනී හිටපු කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අද එළියට ඇවිත් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිලගේ පොතට සජිත් ගියේ ඇයි? මෙන්න හේතු සජබ මහලේකම් මද්දුමබණ්ඩාර රටට කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.