• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ආරක්ෂාවට තර්ජනයක්! නීතිවිරෝධී ලෙස රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 11ක් දීලා! ලයිකා මොබයිල් හිමිකාර සුබාස්කරන් අල්ලිරාජාට සහ බිරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුවෙයි! ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක නිෂ්කාෂණ නොදුන් පුද්ගලයන් දෙදෙනකුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ! I Sri Lanka Latest News

January 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගිය සැප්තැම්බරයේදී ලන්ඩනයේදී ‘අලිරාජා’ හමුවුණු ‘ප්‍රබල උපදේශක’ සහ ‘බලවත් කාන්තාව’ කව්ද? කතා කළේ ‘ලංකා හොස්පිට්ල්’ ඩීල් එක ගැනද? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.Sri Lanka Latest News

අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ ජාමුනි කමන්ත තුෂාර විසිනි.

අදාළ ගනුදෙනු ප්‍රොක්සි හරහා සිදුකර ඇත්තේ මාධ්‍ය ආයතනවල අයිතිය විදේශීය ආයතනවලට තහනම් කරන ශ්‍රී ලංකා රෙගුලාසි මග හැරීම සඳහා බවත් එලෙස ශ්‍රී ලංකා නීති උල්ලංඝනය කිරීම ජාතික ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල විය හැකි බරපතළ තර්ජනයක් බවත් පෙත්සමෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කැබිනට් සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත හිමියන් ඇතුළු සමාගම් දහයක් සහ සමාගම් අධ්‍යක්ෂවරුන් මෙන්ම අල්ලිරාජා සහ ඔහුගේ බිරිඳ ඇතුළුව වගඋත්තරකරුවන් හැටක් පෙත්සමේ නම් කර ඇත.

ලයිකා සමූහ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව හිමි සහ පාලනය වන හෝ අයත් සමාගම් අටක් එම පෙත්සමේ ලැයිස්තුගත කර ඇත.

එම සමාගම් ශ්‍රී ලංකාවේ එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන බලපත්‍ර සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබා දුන් රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත බලපත්‍ර දරයි.

“නීතිවිරෝධී, වැරදි, වංචනික සහ ප්‍රොක්සි හරහා, ලයිකා සමූහය දැනට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 11ක් පාලනය කරයි” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

VIS Broadcasting (Pvt) Ltd විසින් මොනරා TV, සිත FM, රෙඩ් FM සහ තමිල් FM විකාශනය කරන අතර GMR Networks (Pvt) Ltd විසින් ආදවන් TV සහ ආදවන් Radio විකාශනය කරයි.

Colombo Communications (Pvt) Ltd හරහා ශ්‍රී FM, රන් FM සහ ඊ FM විකාශනය කරන අතර EAP Broadcasting Company (Pvt) Ltd විසින් ස්වර්ණවාහිනී සහ ETV විකාශනය කරයි.

පුද්ගලයන් කිහිප දෙනෙකු ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත.

ඔවුන් අතර බෙන් හෝල්ඩිංග්ස් හි සමූහ අධ්‍යක්ෂ සහ ලයිකා මොබයිල් එක්සත් රාජධානියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගෝවින්දසාමි තුරෙයිඅප්පා ජෙයසීලන් සහ නම් කර ඇති සමාගම් කිහිපයක කොටස් හිමියකු වන නිරුතන් රාජසුන්දරම් ඇතුළත් වේ.

ඔවුන් දෙදෙනාම විස්තර කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක නිෂ්කාශන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පුද්ගලයන් ලෙසය.

එසේ තිබියදීත්, ජෙයසීලන් සහ රාජසුන්දරම් දැන් මාධ්‍ය නාලිකා කිහිපයක් සහ විකාශන බලපත්‍ර පාලනය කරන්නේ ‘වංචනික හා වක්‍ර යෝජනා ක්‍රම හරහා’ බව පෙත්සමෙන් කියාසිටී.

“එම තත්ත්වයන් තුළ, පිදුරුතලාගල සම්ප්‍රේෂණ කුළුණ ඇතුළු රට තුළ ප්‍රධාන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ඇති මාධ්‍ය නාලිකා සහ විකාශන ආයතන 11කට වැඩි ගණනක් ක්‍රියාත්මක කිරීමට අවසර දීම ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ තර්ජන එල්ල කරයි.” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

SendShareShare
Previous Post

බ්‍රොයිලර් කුකුල් මස් හදන එක අවුරුද්දකට තහනම් කළා නම් හරි! රිලව්-මොනරු-වඳුරු වසංගතේට මාලිමාවේ මහාචාර්ය ඇමැතිගෙන් නියම විසඳුමක්! ලාල්කාන්තත් එක පාරක් කිව්වා වගාබිමට ඇවිත් වගාව වනසන සතුන්ට එරෙහිව ඕන දෙයක් කරන්න අයිතියි තියෙනවා කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් පාස්පෝට් තොග තවම ඇනවුම් කරලා නෑ! ආයෙමත් පාස්පෝට් අර්බූදයක් එන ලකුණු! රට රස්සාත් අනතුරේ! දැනටමත් පාස්පෝට් ඉල්ලුම් පත් ලක්ෂයක් ගොඩගැහිලා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.