සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවද පැවසූ වැඩබලන පොලිස්පතිවරයා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බව ද අවධාරණය කර සිටියේය.









