• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිචිගන් මොඩලයට අනුව මීළඟ රාජ්‍ය නායකයා සජිත්ද-නාමල්ද?

June 21, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
මිචිගන් මොඩලයට අනුව මීළඟ රාජ්‍ය නායකයා සජිත්ද-නාමල්ද?
Share on WhatsAppShare on Facebook

”‍දේශපාලනයේ පළමු රීතිය වන්නේ කිසිදු රීතියක් නැති බවයි, අඩුම තරමින් නියත මැතිවරණ ජයග්‍රහණයක් තිබේද? නැතිනම් නියත පරාජයක් තිබේද? යන කරුණ ගැනවත් කිසිදු රීතියක් නැත. යමකුගේ ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග නිවැරැදි නම්, ඔහුට හෝ ඇයට ජය ගැනීමේ හැකියාව නිරතුරුව තිබේ. ඒ දෙකම නොමැති නම්, ජයග්‍රහණය පෙනි පෙනී වුවද, ඔහු හෝ ඇය පරාජය විය හැකිය.”‍

ඉහත සටහන තැබුවේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විසිනි. ඔහුගේ “චාරිකාවක්” (A Journey) නමැති කෘතියෙහි දේශපාලනයේ අනාගත තත්ත්වයන් පිළිබඳව පුරෝකථන කිරීමේ අවිනිශ්චිත බව ගැන බ්ලෙයාර් සිය ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් බලා ඉහත සටහන තබා ඇත. ඒ අනුව, කවුරු ජය ගන්නවාද? කවුරු පරාජය වනවාද? යන්න ගැන නිශ්චිත පුරෝකතන කළ නොහැකි වුවත්, යමෙකුට ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව පිළිබඳ යම් පුරෝකථනයක් කිරීමට හැකිය. බ්ලෙයාර් ඒ සඳහා යෝජනා කරන්නේ යමෙකුගේ ප්‍රතිපත්තිය සහ උපායමාර්ග වල නිවැරැදිතාව දෙස බලා එය තක්සේරු කළ හැකි බවයි.

මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ මීළඟ ජාතික මැතිවරණ ජයග්‍රහණය ගැන පුරෝකතනයක් කිරීමටයි. එය දිනනනේ කවුද? යන්න ගැන කරන පුරෝකතනයක් නොවන අතර, බ්ලෙයාර් යෝජනා කරන ආකාරයට දිනීමේ හැකියාව පිළිබඳ කරන පුරෝකතනයකි. එහෙත්, මෙම ලිපිය ඒ සඳහා යොදා ගන්නේ බ්ලෙයාර් යෝජනා කරන රාමුව නොව, ජන්දදායකයාගේ හැසිරීම පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ මගින් යෝජනා කරන රාමුවකි. එමගින් ජන්ද පෙට්ටියට ඡන්දය දමන ඡන්දදායකයන්ගේ ‘මනස තුළට ඇතුළු වී‘, ඔහු හෝ ඇයගේ තෝරා ගැනීම පිළිබඳ පූර්වානුමිතියකට පැමිණීමට යෝජනා කරයි. ඒ සඳහා ජන්දදායකයාගේ හැසිරීම දෙස බලා, ඒ හරහා ඔහුගේ හෝ ඇයගේ ‘මනස තුළට ඇතුළු වී‘ ඔහුගේ හෝ ඇයගේ තෝරා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කෙරේ.

හැසිරීම අනුව ඡන්දදායකයන් විවිධ වර්ගීකරණයන්ට ලක් කළ හැකි වුවද, මෙම ලිපිය ඒ සඳහා තෝරා ගන්නේ කේම්බි්‍රජ් සරසවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද රිචර්ඩ් ආර්. ලාඋ සහ ඩේවිඩ් රෙඩ්ලෝස් යන මහාචාර්යවරුන් ”‍ඡන්දදායකයා තීරණ ගන්නේ කෙසේද?”‍ How Voters Decide) හි යෝජනා කරන ලද, ශාස්ත්‍රීය වශයෙන් ඉතා වැදගත්කමක් දිනා ගත් රාමුවක් සඳහා පදනම් කරගත් වර්ගීකරණයකි. ඒ අනුව, මූලික හැසිරීම් රටා හතරක් අනුව ඡන්දදායකයන් වර්ගීකරණයකට ලක් කෙරේ.

ඡන්දදායකයන් වර්ගීකරණය

පළමු මූලික වර්ගයට අයත් ඡන්දදායකයන් සිය තෝරා ගැනීම සිදු කරන්නේ හේතු, තර්ක පදනම් කර ගෙනය. ඒ අනුව, අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති, දේශපාලන මතවාද වැනි තම මනසට ඇතුළු වන තොරතුරු තාර්කිකව තක්සේරු කොට, මෙම ඡන්දදායකයන් තම තෝරා ගැනීම සිදු කරයි. ඒ සඳහා ඔවුන්ට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, දේශපාලන ප්‍රචාරණ සහ සන්නිවේදන කටයුතු මගින් මෙම ඡන්දදායකයන් කොටසට විශාල බලපෑමක් කළ හැකිය. මෙම වර්ගය උප කණ්ඩායම් දෙකකට ද බෙදා ඇත.

දෙවැනි මූලික වර්ගයට අයත් ඡන්දදායකයන් සිය තෝරා ගැනීම සිදු කරන්නේ සිය දේශපාලන පක්ෂයට ඇති ළැදිකම පදනම් කර ගනිමිනි. මේ සම්බන්ධයෙන් පසුව සවිස්තරාත්මකව අවධානය යොමු කෙරේ.

තුන්වැනි මූලික ඡන්දදායකයන් කොටසේ තෝරා ගැනීම සිදු කෙරෙන්නේ විශේෂයෙන් තමන්ට අදාළ වන පොරොන්දුවක් හෝ දෙකක්, කරුණක් හෝ දෙකක් පදනම් කර ගෙනය. ඒවා සමෘද්ධිය ලබා දීම, දරුවන්ට පුද්ගලික අධ්‍යාපනය සඳහා ආණ්ඩුවෙන් මුදල් ගෙවීම වැනි සරල කරුණුය. සංකීර්ණ ප්‍රතිපත්තිමය කරුණු ගැන මෙම කණ්ඩායමේ එතරම් සැලකිල්ලක් නැත. දේශපාලන ප්‍රචාරණය මගින් මෙම කණ්ඩායමට ද විශාල බලපෑමක් කළ හැකිය.

හතරවැනි මූලික ඡන්දදායකයන් වර්ගය වන්නේ අපේක්ෂකයන් පිළිබඳ ඉතා පහසුවෙන් සොයා ගත හැකි, සීමිත තොරතුරු ප්‍රමාණයක් පදනම් කර ගනිමින්, සිය දේශපාලන ඉවෙන් තීරණ ගන්නා කණ්ඩායමයි. ඔවුන් වෙනස් වන සුළු කණ්ඩායමකි. මැතිවරණ ප්‍රචාරක කාලය තුළ ඉතා පහසුවෙන් සොයා ගත හැකි, සීමිත තොරතුරු ප්‍රමාණයක් මත පදනම්ව ඔවුන් සිය තෝරා ගැනීම සිදුකරන බැවින්, මෙම කණ්ඩායම ද දේශපාලන ප්‍රචාරණයට විශාල සංවේදීතාවක් දක්වයි.

ඒ අනුව 1, 3, සහ 4 යන ඡන්දදායකයන් වර්ග තුනටම දේශපාලන සන්නිවේදනය සහ ප්‍රචාරණය මගින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. එහෙත්, දෙවෙනි වර්ගයේ ඡන්දදායකයන් කණ්ඩායමට දේශපාලන සන්නිවේදනය සහ ප්‍රචාරණය මගින් කළ හැකි බලපෑම අවම වන අතර, ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය වැනි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මෙන්ම, ශ්‍රී ලංකාවේ ද වැඩිපුරම සිටින්නේ මෙම 2 වන වර්ගයේ ඡන්දදායකයන්ය. එබැවින්, යම් අපේක්ෂකයෙකුට ජාතික මට්ටමේ ඡන්දයකින් ජයග්‍රහණය ලබා ගැනීමට නම්, ඔහු හෝ ඇය මෙම වර්ගයේ විශාල ඡන්ද පදනමක සුජාතභාවය (legitimacy) ලබා ගත යුතුය. එබැවින්, සිය පක්ෂයට ඇති ළැදිකම මූලිකව පදනම් කර ගෙන සිය තෝරා ගැනීම සිදු කරන, ජාතික මැතිවරණයක ජයග්‍රහණයේ ප්‍රධානම පදනම ලෙස සැලකෙන මෙම කණ්ඩායම මූලික කර ගනිමින් මෙම සාකච්ඡාව සිදු කෙරේ.

මිචිගන් මොඩල ඡන්දදායකයා:

පක්ෂ ළැදිකම පදනම් කර ගත් මෙම ඡන්දදායකයන් වර්ගය ‘මිචිගන් මොඩල්‘ (Michigan Model) ඡන්දදායකයන් ලෙස ශාස්ත්‍රීය ලෙස හැඳින්වේ. මිචිගන් මොඩල් ඡන්දදායකයන් පිළිබඳව ශාස්ත්‍රීය න්‍යාය ගොඩ නැගෙන්නේ 1952 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිපලය පදනම් කර ගෙන මිචිගන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්යයනයක් පදනම් කර ගනිමිනි. 1960 දී ඇන්ගස් කැම්බල්, ෆිලිප් කොන්වර්ස්, වොරන් මිලර්, සහ ඩොනල්ඩ් ඊ. ස්ටෝක්ස් යන දේශපාලන සහ දේශපාලන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් ලියා පළ කළ ‘ඇමෙරිකානු ඡන්දදායකයා‘ (The American Voter) හි මෙම මිචිගන් මොඩල න්‍යාය තීරණාත්මක ලෙස එළි දක්වන ලදී. එය දේශපාලන විද්‍යාව තුළ දශක කිහිපයක් තිස්සේ අති විශාල බලපෑමක් ඇති කළ සහ තවමත් ඇති කරන ඉතා වැදගත් කෘතියකි.

මිචිගන් මොඩලයේ ඡන්දදායකයන් සිය දේශපාලන තෝරා ගැනීම සඳහා පදනම් කර ගන්නේ මූලික ලෙස සමාජ විද්‍යාත්මක සාධක සහ පක්ෂ අනන්‍යතාව සම්බන්ධ සාධකයි. යමෙකුගේ දේශපාලන පක්ෂ අනන්‍යතාව, ආණ්ඩුවේ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති, සහ ජනාධිපති අපේක්ෂකයාට ඡන්දදායකයන්ගේ ඇති පුද්ගලික ආකර්ෂණීය යන සාධක තුන මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ තෝරා ගැනීමට මූලික ලෙස පදනම් වෙයි. මෙම න්‍යායේ හිතවාදීන් පසු කාලීනව නිරීක්ෂණය කළේ එකී සාධක තුනෙන් ද ‘පක්ෂ අනන්‍යතාව සහ පක්ෂයට ඇති ළැදිකම‘ යන සාධකය මිචිගන් මොඩල ඡන්දදායකයන්ට විශාලතම බලපෑම ඇති කරන සාධකය බවයි. මෙම පක්ෂ ළැදිකම සාමාන්‍යයෙන් වෙනස් නොවී, ස්ථාවරව එකී ඡන්දදායකයන් තුළ පවතින බව පෙනී යයි.

ඇමෙරිකානු ඡන්දදායකයන් සම්බන්ධයෙන් පමණක් නොව, බි්‍රතාන්‍ය ඡන්දදායකයන් සම්බන්ධයෙන් ද හැසිරීම නිරීක්ෂණය කිරීමට මිචිගන් මොඩලය ගැළපෙන බව ශාස්ත්‍රීයව පිළිගන්නා ලදී. ඇමෙරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක තුළත්, බි්‍රතාන්‍යයේ කොන්සර්වැටිව් සහ ලේබර් පක්ෂ දෙක තුළත් ප්‍රධාන වශයෙන් මිචිගන් මොඩල ඡන්දදායකයන් ගොනුවී සිටින අතර, ජයග්‍රහණය තීරණය කිරීමට අවශ්‍ය මූලික සහ අත්‍යාවශ්‍ය ඡන්ද පදනම ගොඩනගා දෙන්නේ පක්ෂ තුළට ගොනුවූ මෙම මිචිගන් මොඩල ඡන්දදායකයන්ය. මෙම පදනම නොමැතිව ජාතික මැතිවරණයක්, විශේෂයෙන් ජනාධිපතිවරණයක් ජය ගැනීමට ස්ථීර වශයෙන්ම නොහැකිය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ද තවමත් එසේම වන අතර, ඇතැම් නව ඡන්දදායකයන් පක්ෂ තුළට ගොනු නොවීමේ යම් ප්‍රවණතාවක් ඇතත්, දියුණු ප්‍රජාතන්ත්රවාදී රටවලට ද මිචිගන් මොඩල ඡන්දදායකයන් ඡන්ද ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති කරන තීරණාත්මක බලපෑමෙන් තවමත් මිදිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ මිචිගන් මොඩල

ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන දේශපාලන බලවේග දෙකක් පදනම් කරගෙන මිචිගන් මොඩල ඡන්දදායකයන් ප්‍රධාන වශයෙන් ගොනු වී සිටියි. සම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගොනු වී සිටි මිචිගන් මොඩල ඡන්දදායකයන් මේ වන විට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ ප්‍රධාන වශයෙන් ගොනු වී සිටියි. ඊට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සුළු‍ ජාතික කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්ෂ තුළ ද මූලික ලෙස ශ්‍රී ලංකාවේ මිචිගන් මොඩල ඡන්දදායකයන් ගොනු වී ඇත.

ජයග්‍රහණය සඳහා මිචිගන් මොඩල ඡන්ද දිනා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා, පක්ෂ අනන්‍යතාව සහ ළැදිකම මත පදනම්ව සිය තෝරා ගැනීම කරන ඡන්දදායකයන් ගේ සුජාතභාවය (legitimate) උපරිම ලෙස දිනා ගත යුතුය. එලෙස පාක්ෂිකයන් ගේ උපරිම සුජාතභාවය දිනා ගත් පුද්ගලයා එම දේශපාලන කණ්ඩායමේ අනෙක් තැනැත්තන් අභිබවා ජයග්‍රහණය සඳහා අත්‍යාවශ්‍ය ප්‍රධාන පදනම සහතික කර ගනිමින් මූලික හැකියාව ලබා ගනියි. එයට අමතරව එකී පුද්ගලයා විසින් සැලකිය යුතු ප්‍රමාණයේ මිචිගන් මොඩල ඡන්දදායකයන් ඇති අනෙකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බහුතරයකගේ සුජාත සහයෝගය ද (legitimate support) තම ප්‍රධාන ප්‍රතිවාදියාට එරෙහිව තමා වෙත තහවුරු කර ගත යුතුය. එසේම, මෙම ලිපියෙහි මින් පෙර සඳහන් කළ 1, 3, සහ 4 වන වර්ගයේ ඡන්දදායකයන් බහුතරයකගේ සුජාත සහයෝගය විශේෂයෙන් දේශපාලන සන්නිවේදන සහ ප්‍රචාරණ උපාය මාර්ග ඔස්සේ දිනා ගත යුතුය. එවිට යම් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට විශාල හැකියාවක් ඇති බවට සහේතුක අනුමිතියකට පැමිණිය හැකිය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සන්නිවේදන සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ බහුතරයක් අතර දැකීමට ඇති දුරවබෝධයක් වන්නේ, ඡන්ද ජයග්‍රහණය දේශපාලන ප්‍රචාරණයෙන් පමණක් සහතික කළ හැකි බවට වන විශ්වාසයයි. එහෙත්, බහුතර ඡන්දදායකයන් වර්ගය වන මිචිගන් මොඩල ඡන්දදායකයන් දේශපාලන ප්‍රචාරණයට දක්වන්නේ අඩු සංවේදීතාවක් වන අතර, ඔවුන් වෙත දේශපාලන ප්‍රචාරණය මගින් කළ හැක්කේ ඉතා සීමිත බලපෑමකි. දේශපාලන ප්‍රචාරණයේ බලපෑම ප්‍රධාන ලෙස වැදගත් වන්නේ මෙහි ඉහත දැක්වූ 1, 3, සහ 4 යන වර්ගවල ඡන්දදායකයන්ට පමණකි.

සුජාතභාවය සහ බල අධිකාරිය

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට කලින් අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ වන්නේ දේශපාලන පක්ෂයක ඡන්දදායකයන් අතර සුජාතභාවය (legitimacy) දිනා ගැනීම සහ බල අධිකාරිය (authority) අතර ඇති සම්බන්ධතාවයයි. යමෙකුට යම් පක්ෂයක නිල බලයෙන් හෝ පක්ෂයේ තීරණ ගැනීමේ බලය ඇති කණ්ඩායමේ අනුමැතියෙන් පමණක් අපේක්ෂකත්වය ලබා ගත හැකි වුවද, ජයග්‍රහණය සඳහා හැකියාව ලබා ගැනීමට නම්, ඒ තැනැත්තා පාක්ෂික මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ සුජාතභාවය උපරිම ලෙස දිනා ගත යුතුය. එම සුජාතභාවය යම් පුද්ගලයෙකුට සෘජුව තමන් විසින්ම හෝ අදාළ ඡන්දදායකයන්ගේ උපරිම සුජාතභාවය දිනා ඇති පුද්ගලයාගේ සුජාත සහයෝගයෙන් ලබා ගත හැකිය. එහෙත්, යමෙකුට ඒ ආකාරයෙන් තමන්ගේ ප්‍රධාන ඡන්ද පදනම ලෙස සැලකිය හැකි මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ සුජාතභාවය උපරිම ලෙස දිනා ගත නොහැකි විට, ඔහුට හෝ ඇයට වලංගු බල අධිකාරියක් (authority) හෝ මැතිවරණ ජයග්‍රහණයක් සහතික කර ගැනීමට අතිශය දුෂ්කර වන බව කිව හැකිය.

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම්ගත වීම නිසා, තමන් මහ ලේකම් ධුරය දැරූ, එජාප විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මිචිගන් මොඩල ඡන්දදායකයන් අතර ඔහුට තිබූ සුජාතභාවය පිරිහී ගියේය. එහෙත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජපක්ෂ විරෝධී සන්ධානයේ සුජාත සහයෝගය සිරිසේන මහතාට ලැබුණු නිසා, එකී සන්ධානයට අනුගත වූ මිචිගන් මොඩල ඡන්දදායකයන් අතර සුජාතභාවය සති කීපයක් තුළ ඔහුට ලැබුණි. එය ඔහුගේ ජයග්‍රහණයේ ප්‍රධාන පදනම බවට පත් විය. එහෙත්, 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට එජාප ප්‍රමුඛ සන්ධානයේ සුජාත සහාය සිරිසේන මහතාට ලැබුණු තරම් නොලැබුණු අතර, එය ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණයට අවශ්‍ය ප්‍රධාන ඡන්ද පදනම දුර්වල කිරීමට හේතු විය.

ශ්‍රී ලංකාවේ මීළග රාජ්‍ය නායකයා

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානම මිචිගන් මොඩල ඡන්දදායකයන් ගොනු වී සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය තුළය. මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ සමග 2015 ජනාධිපතිවරණයේදී සන්ධාන ගත වීමත් සමග, එජාප විරෝධී මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ සුජාතභාවය මහින්ද රාජපක්ෂ මහතාට සම්පූර්ණ වශයෙන් ලැබුණි. එම කඳවුරේ සිටි රාජපක්ෂ විරෝධී මිචිගන් මොඩල ඡන්දදායකයන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ගොනු වී, ශ්‍රීලනිපය ද මිචිගන් මොඩල ඡන්දදායකයන් සිටින තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත් විය. විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ස්ථාවරයක් ගැනීම හරහා ශ්‍රීලනිපය තුළ ගොනු වූ මිචිගන් මොඩල ඡන්ද පදනම වඩා ස්ථාවර විය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍රගතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවීම සඳහා මිචිගන් මොඩල ඡන්දදායකයන් ගොනු වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකිනි සජිත් ප්‍රේමදාස මහතා කේන්ද්‍රගතව සමගි ජන බලවේගය වෙත එජාපය තුළ ගොනුව තිබූ මිචිගන් මොඩල ඡන්දදායකයන් ගොනු වූයේ. මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මිචිගන් මොඩල ඡන්ද අහිමි වූයේ ඔහු විසින් එජාපය සමග සන්ධාන ගතවීමට ගත් තීරණයත් සමග ඉතා ඉක්මනිනි. අනෙක් අතට, එම ඡන්ද පදනමේ ඒ වන විටත් උපරිම සුජාතභාවය හිමිව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාටය. ජනාධිපතිවරණයට පසු වැල නොකැඩී රාජපක්ෂ මහතාව බලන්නට ගියේ එම ඡන්දදායකයන්ය.

එහෙත්, එජාපය තුළ ගොනු වූ මිචිගන් මොඩල ඡන්දදායකයන් අතර රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ සුජාතභාවය වසර ගණනාවක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් හීන වී ගියේය. මීට පෙර ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි ශක්තිමත් නායකයන් රාජාලියා පක්ෂය පිහිටුවා එජාප මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ සුජාතභාවය තමන් වෙත දිනා ගැනීමට උත්සාහ කළද, ප්‍රේමදාස ජනපතිවරයාට විරුද්ධව එතරම් සාර්ථක සුජාතභාවයක් එකී ඡන්ද පදනම තුළ ගොඩනගා ගැනීමට ඔවුනට නොහැකි විය. එහෙත්, සජිත් ප්‍රේමදාස මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අභිභවමින් එජාප මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ සුජාතභාවය දිනා ගත්තා පමණක් නොව, සමගි ජන බලවේගය නමින් නව පක්ෂයක් සාදා, එජාපය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයකට සීමා කරමින්, සාම්ප්‍රදායික එජාප මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ අති බහුතර සුජාතභාවය ඉතා ශක්තිමත් ලෙස ගොඩනගා ගෙන ඇත. එබැවින්, දේශපාලන ප්‍රචාරණයට එතරම් ප්‍රතිචාර නොදක්වන මෙම මිචිගන් මොඩල ඡන්දදායකයන් පොකුර සජිත් ප්‍රේමදාස මහතා වෙතින් උදුරා ගැනීම වසර ගණනක් කල් ගතවන කාර්යයක් වන අතර, එය ද මූලික වශයෙන් රඳා පවතින්නේ සෙසු පුද්ගලයන් ප්‍රේමදාස මහතා ගැන දක්වන අදහස්වලට වඩා ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය අනුවය. එබැවින්, නිශ්චිත සංඛ්‍යා ලේඛන දත්ත නොමැති වුවද, එම රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටින රනිල්, කරු, චම්පික, මංගල, රාජිත, සරත් ෆොන්සේකා වැනි සෙසු පුද්ගලයන්ට වඩා මීළඟ ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ විරෝධී මිචිගන් මොඩල ඡන්දදායකයන්ගේ උපරිම සුජාතභාවය ඇති පුද්ගලයා වන්නේ සජිත් ප්‍රේමදාස බවට සංඛ්‍යාත්මක (quantitative) සාධක මත නොව ගුණාත්මක (qualitative) සාධක මත නිගමනය කළ හැකිය.

කර්තෘ – දිනේෂ් දොඩම්ගොඩ වෘත්තියෙන් නීතිඥවරයෙකු වන අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා විද්‍යා පීඨයෙන් (ක්රැන්ෆීල්ඩ් සරසවිය) ගෝලීය ආරක්ෂාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති ඔහු, ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකානු ඩෙලවෙයාර් සරසවියේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවද, එමෙන්ම, බ්‍රිතාන්‍යයේ නිව් කාසල් අපෝන්ටයින් සහ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲ සරසවිවල සිය දිවි නසා ගැනීමේ ත්‍රස්තවාදය, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදීන්ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව ද හදාරා ඇත. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන කමිටුවේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්නිවේදන කමිටුවේ කෙටි කාලයක් ද කටයුතු කර ඇති ඔහු, දේශපාලන සන්නිවේදනය සහ ප්‍රචාරණය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් ඇති ලේඛකයෙකි.

SendShareShare
Previous Post

ගැටුමක් වැළකෙයි! කණ්ඩායම් රැස්වීම මහින්ද විනාඩි පහෙන් ඉවර කරයි!!

Next Post

යුරෝපා කොමිසම ජී.එස්.පී. ‘ප්ලස්’ එකෙන් ලංකාව ‘මයිනස්’ කරයිද?

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.