ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවූ පිපිරිම් කිහිපයක් තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.
මහනුවර, කුණ්ඩසාලේ, නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවී සිදු වූ පිපිරීමකින් කාන්තාවක බරපතළ පිළිස්සීම් තුවාල ලැබුවා ය.
අද අලුයම 3.00 ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති අතර තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර ගිරිඋල්ල කම්කරු නිවාස අසල නිවසක ද මුළුතැන්ගෙයක ගෑස් කාන්දු වී පිපිරීමක් සිදුව ඇත.
සිද්ධියෙන් ගෑස් උදුන විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
පානදුර, එළුවිල , සම්සුදීන් මාවතේ ද නිවසක ඊයේ (30) රාත්‍රියේ ගෑස් කාන්දුවී පිපිරීමක් සිදුව තිබේ.
හුංගම, ඇත්බටුව ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ 8.30 ට පමණ ගෑස් උඳුනක් පිපිරී ගොස් තිබේ.
මෙම පිපිරීමෙන් නිවැසියන්ට කිසිදු හානියක් සිදු වී නොමැති අතර ගෑස් උඳුනට හානි සිදු වී තිබිණ.










