මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු විසින් තරුණයෙකු ඉලක්ක කරගනිමින් පසුගිය දා සිදු කර තිබුණු ම්ලේච්ඡ පහර දීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.Sri Lanka Latest News
පොලිස් පහරදීම කෙතරම් බිහිසුණු එකක් වී තිබුනේද යත්, පහර කෑමට ලක් වූ එකී තරුණයාගේ එක් වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු විය.
ශල්‍යකර්මය සිදුකර තිබුනේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යවෛද්‍යවරු විසිනි.
තරුණයාට එරෙහිව මෙම බිහිසුණු අපරාධය සිදු කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි, නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමය ඉල්ලා සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙවැනි නින්දික ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.