අන්තර්ජාල ක්‍රීඩා හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය සමයේ මෙරටින්ද වාර්තා වූ අතර, එහි ආසන්නතම සිදුවීම ඊයේ (15) යාපනයෙන් වාර්තා වී තිබෙනවා. (Sri Lanka Latest News)
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවකු වූ 22 හැවිරිදි සුබරාජා එෂිල්නාත් නමැති තරුණයකු පරිගණක ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර, ඔහු සිය නිවෙස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
පරීක්ෂණවලින් අනුමාන කෙරෙන්නේ මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයකට අනුව ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි.
තරුණ ජීවිත ඩැහැගන්නා එවැනි මාරාන්තික පරිගණක ක්‍රීඩා 11ක් මේ වනවිට විශේෂඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
එම පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් පියවරෙන් පියවර මරණය කරා රැගෙන යන අයුරින් එම ක්‍රීඩා නිර්මාණය වීම මෙහි භයානක පැතිකඩකි.
ඒවා මගින් එම ක්‍රීඩාවේ නිරතවන්නන් හට විවිධ අභියෝග ලබාදෙන අතර එහි අවසාන අභියෝගය වන්නේ සියදිවි හානිකර ගැනීමයි.
එය මාසයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළදී සිදුකරගන්නා අයුරින් එම ක්‍රීඩා සැලසුම්කර තිබෙනවා.
එවැනි ක්‍රිඩාවල නිරත වූ තරුණ තරුණයින් විශාල පිරිසක් මේ වන විට සියදිවි හානිකරගෙන ඇති අතර, 2015 නොවැම්බර් මාසයේ සිට 2016 අප්‍රේල් මාසය දක්වා වු මාස හය තුළ පමණක් ලොව පුරා තරුණ තරුණියන් 130 දෙනකු සියදිවි හානිකරගෙන තිබුණා.
පසුගිය මාර්තු 13 වැනිදා යාපනය ප්‍රදේශයේ පාසලක සිසුවෙක් එම පාසලේ තුන්වැනි මහලින් බිමට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබු අතර, පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ පරිගණක ක්‍රීඩාවක් හේතුවෙන් ඔහු ඊට පෙළඹී තිබූ බවයි.
hirunews










