යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ගම්මාන දෙකක් අතර හටගත් ගැටුමකින් නිවාස හතකට පමණ හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙම ගැටුම දින හතරක් පුරා විටින් විට ඇතිව තිබේ
මෙම ගැටුම සම්න්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 25 දෙනකු සොයා පොලිසිය විමර්ෂණ ආරම්භ කළ බව ද පොලිසිය සඳහන් කරයි.
කඩු බෝතල් හා ගල් ප්‍රහාර එල්ල කරගෙන ඇති අතර ගැටුම සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට පැමිණිළි හතක් පමණ ලැබි ඇති බවට පොලීසිය සදහන් කරයි
ඒ අනුව ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීමට පොලිසිය හා පොලිස් විශේෂකාර්යය බළකාය අදාල ප්‍රදේශයට යෙදවිමට කටයුතු කොට ඇති අතර ගැටුමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ










