• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිම්බස් මාරයා ආපහු රටම කම්බස් කරයිද? දැනටමත් රටවල් 100ක පැතිරිලා! වැඩිම ආසියාවේ! දවස් 142ට රෝගීන් 206,279ක්! මරණ 4,500ක්! අතිශය භයානක තත්ත්වයක් එන්නට පුළුවන්! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නිම්බස් මාරයා ආපහු රටම කම්බස් කරයිද? දැනටමත් රටවල් 100ක පැතිරිලා! වැඩිම ආසියාවේ! දවස් 142ට රෝගීන් 206,279ක්! මරණ 4,500ක්! අතිශය භයානක තත්ත්වයක් එන්නට පුළුවන්!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකය පුරා අහිංසක මිනිසුන් ලක්ෂ 70ක් (මිලියන 7ක්) මරුවා වෙත රැගෙන ගිය කොවිඩි 19 ලේ පිපාසිත යක්ෂයා ගැන අපේ මතකයෙන් ඉවත් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ මිනිසුන්ද මෙම මාරාන්තික වසංගතය නිසා මහා අගාධයකට වැටුණු අතර, මෙරට මිනිසුන් 17,000ක් මරණයට පත්විය. එලෙස වසර 05කට පෙර ඇරැඹි වසංගතය තවත් වසර 02ක් පුරා ලෝකය පුරා පැතිර ගියේය. කාලය ගතවෙත්ම එම මාරයාගෙන් ගැලවීමට මිනිසුන්ට හැකිවිය. එහෙත් වසංගතය මැඬලීම සඳහා මිනිසුන් වෙත ලබාදුන් නොයොකුත් ආකාරයේ එන්නත් වර්ග හේතුවෙන් මිනිසුන්ට විවිධ අතුරු ආබාධද ඇතිවන බව කියැවිණි. එසේම කොවිඩ් 19 මාරාන්තික රෝගය වැලඳුණු බොහෝ පිරිසකටද පසුව නොයෙකුත් තවත් රෝගාබාධද ඇතිවිය. වර්තමානයේ සමාජයේ සිටින බොහෝ පිරිසකට ශ්වසන ආබාධ ගණනාවක්ම ඇතිවී තිබෙන්නේද මේ හේතුවෙනි. එයට හේතුව වන්නේ කොවිඩ් 19 යනු ශ්වසන ක්‍රියාවලියට අදාළ මාරාන්තික රෝගයක් හෙයිනි. Sri Lanka Latest News

කොවිඩ් 19 මාරක වසංගතය ගැන මෙලෙස අතීතාවර්ජනයක් කරමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කීපයකට ඉහතදී අපට අසන්නට ලැබුණු සුවිශේෂ කතාන්දරයක් හේතුවෙනි. විදෙස් රටවල් කීපයක් හරහා මෙම පුවත අසන්නට ලැබිණි. අපගේ ගතසිත කිලිපොළා යන මෙම පුවත නම් නැවත කොවිඩ් මාරයා හිස ඔසවා තිබීමේ කතාවයි. එනම් වසර 5කට පසුව නැවත ලෝකයේ රටවල් ගණනාවක කොවිඩ් වසංගතය හිස ඔසවා ඇත. මෙම බියකරු තත්ත්වය ගැන නිල වශයෙන් වාර්තා කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් හරහාය. පසුගිය කාලයේ මෙයට පෙරද කිහිප වතාවක් කොවිඩ් රෝගීන් ගැන විවිධ වාර්තා ප්‍රකාශ වුවද මෙවර එම තත්ත්වය බොහෝ බියකරු ස්වරූපයක් ගෙන ඇත. එනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වාර්තාවක් හරහා ප්‍රකාශ කරන්නේ නැවත වරක් කොවිඩ් 19 වසංගතය ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා පැතිරෙමින් තිබෙන බවයි. එසේම එහි තිගැස්සෙන පුවත නම් නැවත වතාවක් පෙර මෙන් කොවිඩ් මරණ රාශියක්ද සිදුව තිබීමය. මෙය අතිශයින්ම භයානක තත්ත්වයකි. WHO සංවිධානයේ අලුත්ම වාර්තාවට අනුව පසුගිය 2025 ජනවාරි 06 සිට මැයි 25 දින දක්වා දින 142ක ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ රටවල් 100කින් කොවිඩ් රෝගීන් 206,279ක් වාර්තා වී ඇත. එමෙන්ම මෙම කාලය තුළ කොවිඩ් මරණද 4,500ක් වාර්තා වී ඇත. මෙය අතිශයින්ම ඉහළ ප්‍රතිශතයක් ලෙසට කරුණු ප්‍රකාශ වෙයි.

දැන් එසේනම් අපව ගිලගන්නට එන අලුත්ම කොවිඩ් මාරයා කවරෙක්ද? මේ යක්ෂයා කවරෙක් දැයි අපි හඳුනා ගනිමු. ලෝකය පුරා ප්‍රචලිත මෙම මාරාන්තික වසංගතය අපි පොදුවේ හඳුන්වන්නේ කොවිඩ් 19 ලෙසිනි. එසේම මෙම රෝගයට අදාළ වෛරසය පොදුවේ හඳුන්වන්නේ ‘සාර්ස්-කොව්-2’ලෙසිනි. මෙම ප්‍රධාන නාමයන් දෙකට අමතරව පසුගිය වසර 5 පුරා මෙම වසංගතයේ විවිධ ප්‍රභේදයන් ලොව පුරා පැතිරෙන්නට විය. ඇල්ෆා, බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රෝන්ආදී වශයෙන් මෙම ප්‍රභේදයන් හඳුන්වන ලදී. දැන් එසේනම් අප මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නෙමු. එනම් මෙවර ලොව පුරා පැතිර යන නවතම කොවිඩ් ප්‍රභේදය හඳුන්වන්නේ ‘නිම්බස්’ නොහොත් NB.1.8.1 ලෙසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙම කොවිඩ් ප්‍රභේදය දැනට මාස 04ක පමණ කාලයක් පුරා ලොව වටා පැතිර යමින් ඇත. එම නවතම වාර්තාවේ අලුත්ම දත්ත ඔබට ඉහතින් සඳහන් කළෙමි. මෙම නව කොවිඩ් ප්‍රභේදය මුලින්ම සොයාගෙන ඇත්තේ චීනයෙන් බව පැවැසෙයි. එනම් රෝගී වූ චීන ජාතිකයන් ලොව පුරා සංචාරය කිරීම හේතුවෙන් රටවල් ගණනාවක රෝගය පැතිරෙන්නට වූ අතර, ඉන් ප්‍රධානම ස්ථානය ගෙන ඇත්තේ ආසියාවයි. මේ නිසා මේ වනවිට ආසියානු රටවල් රාශියක මෙම රෝගය පැතිරෙමින් ඇත. මෙයට සති තුනකට පමණ පෙරදී ආරංචි වූයේ ශ්‍රී ලංකාවෙන්ද මෙවැනි රෝගීන් හමුවී ඇති බවයි. ඉන් පෙර ශ්‍රී ලංකාව තුළ රෝගය ව්‍යාප්ත වී නොතිබිණි. මේ හෙයින් ශ්‍රී ලංකාවේ අපද මෙම භයානක තත්ත්වය ගැන දැඩි අවධානයක් ගත යුතුය.

මෙවර පැතිරෙමින් තිබෙන නවතම කොවිඩ් වසංත ප්‍රභේදය වන ‘නිම්බස්’ මෙයට වසර 5කට පෙර ලොව පුරා පැතිරුණු වසංගතය තරම් දරුණු නැතැයිද ගෝලීය වාර්තා පෙන්වා දෙයි. එහෙත් කුඩා දරුවන්ට සහ වැඩිහිටි පිරිස් සඳහා මෙම රෝගය මාරාන්තික තත්ත්වයන් ඇතිකිරීමට ඉඩ ඇතැයිද එම වාර්තා ප්‍රකාශ කර සිටියි. එසේම මේ රෝගය සඳහා එන්නත් කිරීම් සිදුකිරීම අනවශ්‍ය යැයිද වාර්තා කියා සිටියි. ඒ කෙසේ වුවද මෙම නවතම ප්‍රභේදය හේතුවෙන් දැනටමත් මරණ 4,500ක් පමණ වාර්තා වී ඇති හෙයින් මෙම රෝගය ගැන කිසි විටෙකවත් සැහැල්ලුවෙන් සිතීම නොකළ යුතු යැයිද වෛද්‍ය විශේෂඥයන් කියා සිටියි.

මෙම දිනවල ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නවතම කොවිඩ් ප්‍රභේදය වන ‘නිම්බස්’ නොහොත් NB.1.8.1 (Nimbus) නමැති රෝගය ඉතා බහුල ලෙස වාර්තා වන රටක් වන්නේ අපගේ යාබද ඉන්දියාවයි. එනම් මේ පසුගිය මාස 2ක පමණ කාලය තුළ ඉන්දියාවෙන් එවැනි කොවිඩ් රෝගීන් 8000ක් පමණ සොයාගෙන ඇත. එනම් එක් දිනකට අලුත් රෝගීන් 100ක් පමණ ඉන්දියාව තුළින් වාර්තා වෙයි. එසේම මේ වනවිට රෝගීන් 75ක් පමණ මරණයට පත්ව ඇත. මෙම රෝගීන් බහුතරයක් වැඩිමහලු පිරිස් බව පැවැසෙයි. තත්ත්වය කෙසේ වුවත් අපගේ යාබද ඉන්දියාවේ උද්ගත වන මෙම තත්ත්වය අපගේ ශ්‍රී ලංකාවටද ඉතා අනතුරුදායකය. ඉන්දියාවෙන් එන ‘නිම්බස්’ අපේ රටත් ‘කම්බස්’ කරයිද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොළඹ සජබ නගරාධිපති අපේක්ෂක රීසා සරූක්ට සහාය නොදෙන බව කී UNP මන්ත්‍රී රම්සි ටෝනිව අද සිරිකොතට කැඳවයි! තලතා විශේෂ සාකච්ඡාවකට ලෑස්ති වෙයි! පක්ෂ ස්ථාවරයට පිටින් ගියොත් මන්ත්‍රීකම් නෑ! I Sri Lanka Latest News

Next Post

තව පොඩ්ඩෙන් අද පාතාලේ තුවක්කුවකින් මරදානේ මනුස්සයෙක් මැරෙනවා! තුවක්කුව පත්තු නොවෙච්ච නිසා අනූනවයෙන් බේරුණා! I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.