• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කට්ටු ආඩු වයල් ග්‍රාමයේ සියඹලා ගහක් යට වැඩවසන වයිරවර් දෙවියන් බලන්න මන්නාරමට ගිය ගමන…

August 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කට්ටු ආඩු වයල් ග්‍රාමයේ සියඹලා ගහක් යට වැඩවසන වයිරවර් දෙවියන් බලන්න මන්නාරමට ගිය ගමන…
Share on WhatsAppShare on Facebook

මන්නාරම් ගල්ෆ් කලාපය වනාහි හින්දු සංස්කෘතිය හා මිශ්‍ර වූ අපූරු දමිළ ජන විකාශනයක් පිළිබිඹු කරන්නාවූ ලක්දිව තවත් එක් ඉසව්වකි. සූර්යයා නැඟෙන නැඟෙනහිරු දෙසින් වූ ගෝකන්නයේ තිරුකෝණේෂ්වරම් කෝවිලත්, මහාතිත්ථයේ තිරුකේතීෂ්වරම් යන ශිවන් කෝවිල්වලත් ආභාෂය ලබමින් විවිධ පූජා විධි හා සම්ප්‍රදායන් මත ගොඩනැඟුණු අපූරු විකාශනයක් සහිත පෞරාණික විශ්වාස හා බැඳි මහාතිත්ථයේ කට්ටාඩුවයල් නම් ග්‍රාමයේ පැවති වාර්ෂික පොන්ගල් විලා උත්සවයයි මේ.

කට්ටාඩුවයල් ග්‍රාමයේ මුර දේවතා ලෙස අතීතයේ සිට වන්දනාමාන කරන්නේ වයිරවර් දෙවියන්ටය. වයිරවර් කෝවිල ඉඩම මායිමේ වූ සුවිසල් සියඹලා ගසක් යට පිහිටා ඇත. පසෙක වූ මුරුගන් කෝවිල නම් පිහිටා ඇත්තේ වයිරවර් කෝවිලට මඳක් ඈතිනි. මෙම භූමිය වනාහි ආදිවාසී ගම්මාන වැසියන්ගේ මිථ්‍යා විශ්වාස මත පදනම් වූ අපූරු පුරාණ විශ්වාස හා වන්දනාමාන විධි එක්කාසු කොටගත් සංකේතාත්මක ආගමික උත්සවයකි.

මෙම ගමට ‘කට්ටු ආඩු වයල්’ යන අන්වර්ථ නාමය ලැබුණේ යාතිකා නොහොත් දේවාර ගයමින් බෙර වාදනය කරමින් නර්තනයේ යෙදෙන බැතිමතුන් නිසාවෙන්‍ය. ග්‍රාමීයයන්ගේ දුක්ඛ දෝමනස්සයන්හිදී ඔවුන්ගේ මුවින් පිටවන්නේ ‘වෛරවේ’ පමණි. මන්ද වයිරවර් දෙවියන් ඔවුන්ගේ ජීවිකාව හා බොහෝ සෙයින් බද්ධ වූ නිසා විය හැකිය.

මෙම වයිරවර් කෝවිලේ යාතිකා අඟහරුවාදා සහ සිකුරාදා දිනවල සිදුකෙරේ. මුරුගන් කෝවිලේ දිනපතා යාඥාවන් සිදුකිරීමත්, ඉන් අනතුරුව වයිරවර් වෙනුවෙන් සෑම වසරකම ‘පෙරුවල්චම්’ (මහත් වූ ආලෝකය) නමින් පොංගල් නමස්කාරය පැවැත්වීමත් සිරිතකි. මේවාහි මූල බීජ ගවේෂණය කරන කල්හි හඳුනාගත් විශේෂ කාරණාවක් වන්නේ සංඝ නම් පුරාණ කාලයේ ග්‍රාමාරක්ෂකයන් ලෙස සේවය කළ ව්‍යයිරවර්, කාත්තවරායන්, විරුමර් හා අන්නන්මාර් ආදී කායබල ශක්තියෙන් ධෛර්යයෙන් සවිමත් වූවන්ගේ අභාවයෙන් පසු ඔවුන් මිහිදන් කර තැබූ ‘නඩුගල්’ නොහොත් සොහොන් කොත් උදෙසා ගෞරව භක්තිය දැක්වීමට එදා සිට පැවැත්වූ උත්සවයක් බවත්, පසුව උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්යයන්ගේත්, සංස්කෘත හා බ්‍රාහ්මීන්ගේත් ආභාෂය ලබමින් හින්දු ආගම මුල් කරගනිමින් පෞරාණික දේශීය පූජා විධිවල යම් වෙනස්වීමක් සිදුවී ඇත. බෙර වාදන, නැටුම්, ගැයුම් මෙන්ම තේවාර ගැයුම් අඩංගු වේ.

පොංගල් දිනයේදී දිවා කාලයේ මුරුගන් කෝවිලේ අභිෂේක වන්දනාව සහ රාත්‍රියේ වයිරවර් කෝවිලේ පොංගල් වන්දනාව සිදුකිරීම සිරිතකි. මෙම චාරිත්‍ර සඳහා පියවර කිහිපයක් ඇතුළත් වේ. ඒවා දින ගණනාවක් සිදුකරනු ලැබේ. පොංගල් දිනය තීරණය කිරීමට පෙර ග්‍රාමීය වැසියෝ කෝවිල භාර පූජකවරයාගේ අවසරය ඇතිව වයිරවර් දෙවියන්ට විශාල ආලෝක පූජාවක් තැබීම සඳහා ආරාධනා කිරීමට අවසර ඉල්ලා සිටිති. පසුව ඔවුන්ගේ විශ්වාසය පරිදි දේවතාවුන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් බැස අවසර දීමෙන් පසු පොංගල් දිනය සටහන් කර වැඩ ආරම්භ කරනු ලැබේ. නැකැතට පොළට ගොස් පොංගල් දිනයේ භාවිත කරන පලතුරු, භාණ්ඩ සහ අනෙකුත් සියලු දෑ මිලදී ගනී. මෙදිනට ගමෙන් පිටව ගිය අය පවා තම නිවෙස්වලට පැමිණෙන්නේ ආලෝක පූජාව බැලීමටය.

පොංගල් දිනයේදී, සවස් වරුවේ මුරුගන් කෝවිලේ අලංකාර අභිෂේක උත්සවය පැවැත්වෙන අතර, එදින උදෑසන වයිරවර් කෝවිලේ විරුමර් නමින් හැඳින්වෙන ගමේ දෙවියන්ට පොංගල් පූජා කරනු ලැබේ.

මේවා හුදෙක්ම ස්වභාවධර්මය වන්දනාව සහ මියගිය මුතුන් මිත්තන්ට නමස්කාර කිරීමේ සම්ප්‍රදාය මුල්කරගත් ග්‍රාමීය වැසියන්ගේ ජීවන රටාවට බද්ධ විය. දේශීය වාදන භාණ්ඩ සහ බෙර වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් සම්ප්‍රදායිකව දෙවියන්ට නමස්කාර සිදුකරයි. හිරු බැසගොස් රාත්‍රිය උදාවන විට වනාන්තරය අබියස වූ මේ කෝවිලේ පොංගල් උත්සවය ආරම්භ වේ. පොංගල් ද්‍රව්‍ය සියල්ල මුරුගන් කෝවිලේ පිහිටි පිල්ලෙයාර් (ගණපති පිළිමය) අබියස තබා වැඳ පුදා ගනී. සුදු රෙදිකඩකින් කෝවිල් සීමාවේ වූ ස්ථානයක් වටකර දෙවියන් කෙරෙහි පුද පූජා ආරම්භ වේ. වයිරවර් හා කාලි නම් දෙවිවරුන් දෙදෙනාට කැප වූ ස්ථානයක පහනක් දල්වා නමස්කාරය දිගටම පවතී. කෙසෙල්, අඹ, වරකා, ගිතෙල්, මී පැණි මිශ්‍ර කර අමුර්තය නමින් දෙවියන් උදෙසා ආහාර පූජා කරයි. බුලත් පුවක් ආදියද පූජා කරයි. පුහුල් හා තැඹිලි කපා පිළිගන්වයි. පසුව එළකිරි පැසවා සහල් දමා කිරිබතක් පිස දෙවියන් උදෙසා පූජා කරයි.

පීඩාවට පත්වූවන් මෙන්ම ගැබිනි කාන්තාවන් යහපත් දරු උප්පත්තියක් වෙනුවෙන් තම දුක් පීඩා නිරාකරණය සඳහා කාලි මෑණියන් වෙනුවෙන් සුදු කිකිළියන් හා වයිරවර් වෙනුවෙන් කළු කුකුළන් පූජා කරයි.

අවසානයේ එකින් එක සිදුකෙරෙන මෙම පොංගල් පූජා පැවැත්වීමෙන් පසු, අලුයම් කාලයේ පුහුල් කපා සංකේතාත්මකව පාර කැපීමේ චාරිත්‍රය සිදු කරයි. මෙම චාරිත්‍රයෙන් පසුව පමණක් කෝවිලෙන් පිටවිය යුතු බව විශ්වාස කරයි. තවද මේවා කඩකළ විට දුක් විඳීමට සිදුවන බව නොසැලෙන විශ්වාසයකි.

පූජා පවත්වා චාරිත්‍ර අවසන් වූ පසු සජ්ඣායනා කිරීමේ චාරිත්‍රයද සිදුකෙරේ. සර්වරාත්‍රික චාරිත්‍ර වාරිත්‍රවලින් පසුව අලුයම වන විට පූජාකළ කුකුළන් වෙන්දේසි කර එම මුදල් කෝවිල් කටයුතු සඳහා යොදාගනී.

දේශීය වශයෙන් වටිනා සංස්කෘතික උරුමයන් තවමත් ශේෂ වූ මෙවැනි මිථ්‍යාවන් හා ගොඩනැගුණු සමාජ හා මානව විද්‍යාත්මක ක්ෂේත්‍රවල ශේෂයන් රැකගමු. එවන් උරුමයක් රැකගැනීමට වෙරදරන මාධ්‍යවේදිනී ශර්මිලා විනෝතිනි මෙනෙවියට ස්තුතියි. ඈ විසින් නිෂ්පාදනය කළ දමිළ වාර්තාමය වැඩසටහනට මා විසින් මෙසේ සිංහල භාෂාවෙන් සටහනක් තබන ලදී.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

අදත් වෙඩි තැබිල්ලක්! මුල්ලේරියාවේ පොහොට්ටු මන්ත්‍රී මරුට!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.