• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමීක්ෂණ පෝලිමක්! ප්‍රතිඵල වැලක්! 21 වැනිදාට පෙරවදනක්! Sri Lanka Latest News

September 10, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
සමීක්ෂණ පෝලිමක්! ප්‍රතිඵල වැලක්! 21 වැනිදාට පෙරවදනක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල හැම තැනම කතාවෙන්නේ ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා ගැනය. කඩපොළට ගියද, කාර්යාලයකට ගියද, බසයක, දුම්රියක ගියද මිනිස්සු කතාවෙන්නේ කවුරු දිනයිද කියාය. ඇතැමුන් කියන්නේ සජිත් දිනයි කියාය. තවත් සමහරුන් කියන්නේ මාලිමාව දිනයි කියාය. තවත් සමහරු වෙනත් අපේක්ෂකයන්ගේ නම්ද කියති. නමුත් ඇත්තටම 22 වැනිදා වන විට ඇත්තටම දිනන්නේ කවුද? (Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී දිනන අපේක්ෂකයා සම්බන්ධයෙන් මත විමසුම් සිදුකිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. එය ආසියාවේ රටවලට පමණක් නොව, ඉතා ප්‍රජාතන්ත්‍රවාදී, දියුණු රටවලටද පොදුය. මේ මත විමසුම්වලට විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් තාර්කික ක්‍රමවේදයන් මත පිහිටා අතීත තොරතුරු මත පිහිටා ඡන්දය හැසිරෙන ආකාරය පිළිබඳ පිහිටා විවිධ අනාවැකි සහ පුරෝකථනයන්ද සිදුකරනු ලබයි. ඒ ආකාරයට සිදුකරන ලද පුරෝකථනයන් කිහිපයක්ම මේ වනවිට මාධ්‍ය ආයතන වෙත ලැබී තිබේ. පහත පළවන්නේ ඒ ආකාරයට සිදුකළ පුරෝකථන කිහිපයකි. කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල මීට වඩා වෙනස් වීමටද පුළුවන.

මේ පළමු පුරෝකථනයෙන් පෙන්වන්නේ අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික්ක 8ක් ජයගනු ඇති බවට අනුමාන කොට සකස් කරන ලද පුරෝකථනයකි. ඔහු ජයග්‍රහණය කරනු ඇති බව අනුමාන කරන දිස්ත්‍රික්ක වන්නේ ගම්පහ, කළුතර, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගලය. එම දිස්ත්‍රික්ක 8ම ජයග්‍රහණය කළද ඔහු උපරිමව ගනු ඇති බව අනුමාන කරන්නේ 35%ක ඡන්ද ප්‍රතිශතයකි.
සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනු ඇති බවට අනුමාන කරන දිස්ත්‍රික්ක වන්නේ කෑගල්ල, රත්නපුර, බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, දිගාමඬුල්ල, මඩකළපුව, වන්නි, යාපනය, ගාල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර සහ කොළඹය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා 40% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ගනු ඇති බවට පුරෝකථනය කර ඇත.

මෙම පුරෝකථනයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා 13% ඉක්මවන ප්‍රතිශතයක්ද, නාමල් රාජපක්ෂ මහතා 7%කට ආසන්න ප්‍රතිශතයක්ද ලබාගනු ඇති බව පැවැසේ.

මෙම මත විමසුම සිදුකර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම අවාසිසහගත තත්ත්වයකදී ලැබිය හැකි ප්‍රතිඵලයක් ලෙසටය.
මීට අමතරව තවත් පුරෝකථනයක ප්‍රතිඵලද මේ වනවිට මාධ්‍ය ආයතන වෙත ලැබී තිබේ. එම ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතා 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, අනුර කුමාර දිසානායක මහතා 37%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් පුරෝකථනය කර ඇත. එම පුරෝකථනයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා 12%ක්ද, නාමල් රාජපක්ෂ මහතා 7%ක්ද ලබාගනු ඇති බව පැවැසේ.

මීට අමතරව තවත් පුරෝකථනයකින් අනාවරණ කොට ඇත්තේ සජිත් 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, ඔහුට 57,00,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවත්ය.

අනුර කුමාර දිසානායක මහතා 38,00,000 ඉක්මවූ ඡන්දයක් ලබාගනු ඇති බවත්, එය සමස්තයක් වශයෙන් 27%ක ඡන්ද ප්‍රතිශතයක් වනු ඇති බවත් සඳහන්ය.

ජනාධිපතිවරයා 22,00,000ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවත්, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 18,00,000ක් ලබාගනු ඇති බවත් එමගින් පුරෝකථනයක කර ඇත. එය පිළිවෙළින් 16%ක සහ 13%ක ඡන්ද ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් තුනෙන්ම දැකගන්නට ලැබෙන විශේෂම ලක්ෂණය වන්නේ කිසිදු අපේක්ෂකයකු තවමත් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොතිබීමය.

ElectionDownload
SendShareShare
Previous Post

සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සම්බන්ධය! Sri Lanka Latest News

Next Post

ඡන්දෙට කලින් සිකුරාදා ඔක්කොම ඉස්කෝල නිවාඩු! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.