ණය ප්‍රශස්තකරණය කිරීමේ දී පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News
රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇතැමුන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම හරහා තම දේශපාලන අරමුණුවලට අධිකරණය යොදාගැනීමේ උත්සාහයක් පවතින බවද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.










