• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්! නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් කිරීමක්! විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමේ ආණ්ඩුවේ උත්සාහය හෙළාදකිමින් සජබයෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

June 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව දරන උත්සාහය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට තිබේ.Sri Lanka Latest News

2026.06.03

මාධ්‍ය නිවේදනය

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු  විනිසුරුවරුන්ගේ (උපරිමාධිකරණ විනිසුරුවරුන්) විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහල නැංවීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයක්  පිළිබඳ ව මේ දිනවල සමාජය තුළ බරපතළ සංවාදයක් මතුව තිබේ. මේ මොහොතේ මෙවැනි තීරණයක් ගැනීමට ඇති අවශ්‍යතාව ආණ්ඩුව විසින් කිසිදු පැහැදිලි කිරීමක් හෝ සිදු නොකිරීම බරපතළ සැකයකට තුඩුදෙන කරුණකි. මෙම ප්‍රවෘත්තිය පිළිබඳ ව වහාම කරුණු පැහැදිලි කිරීම ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සතු වගකීමක් සහ වගවීමක් බව අවධාරණය කරමු.

ගරු උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දකි. එහි වෙනසක් හෝ සංශෝධනයක් සිදු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයකින් පමණ බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොදැන සිටීම පුදුමයට කරුණකි.

වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකසිය අනූ හතර වැනි (194) පිටුවේ පැහැදිලිව ම සඳහන් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකින් ද සම්මත කර ගන්නා බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කරනු ලබන සංශෝධනවලට එරෙහිව අතීතයේ දී වැඩි ම හඬක් නැගූයේ ද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ය.

බලය ලබා ගැනීම සඳහා විවේචන, විරුද්ධ වීම සහ ජනතා පෙළගැස්වීම් සිදු කළ වර්තමාන පාලකයින් යළියළිත්  පෙන්වා දෙන්නේ ඔවුන් සිදු කළ ප්‍රකාශ හා ක්‍රියාවට නංවන වැඩපිළිවෙල අතර බරපතළ පරස්පරයක් ඇති බව යි.

මෙම යෝජනාව තුළ ආණ්ඩුව පැහැදිලිව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබන අතර නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් සිදු කරනු ලැබේ.

මෙවැනි සංශෝධනයක් තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ?වර්තමානයේ අධිකරණ තුළ කටයුතු කරන ගරු විනිසුරුතුමන්ලා අනුප්‍රාප්තිකයින් ලෙස කටයුතු කිරීමට සුදුස්සන් නොවන බව ද ? නැතහොත් යම් ඉලක්කගත පුද්ගලයකුට හෝ කිහිප දෙනකුගේ අවශ්‍යතාවන් ඉටු කොට ඒ තුළින් අධිකරණයට වක්‍ර බලපෑමක් සිදු කිරීම ද ? මෙම ප්‍රශ්න සමාජය තුළ කථිකාවට ලක්ව ඇති සාධාරණ කරුණු වේ.

එමෙන් ම ආණ්ඩුව මේ තුළින් සුදුසුකම් ඇති උසස්වීම් සඳහා අවකාශය ඇති ගරු විනිසුරුවරුන්ට ඒ සඳහා වූ කාලය තවත් වසර දෙකකින් ඉදිරියට ගෙන යෑම බරපතළ අසාධාරණයකි. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසි අට වැනි (28) ඡේදයේ මූලික යුතුකම් යටතේ පෙන්වා දෙන (ඉ) වගන්තිය පැහැදිලිව ම උල්ලංඝනය කිරීමකි. එමඟින් පෙන්වා දී ඇත්තේ සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන්වැදැරුම් නිදහස ද ගරු කළ යුතු බව යි.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට ජනවරමක් ලබා ගනිමින් තමාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගෙන ඒමට දරණ ප්‍රයත්නය පරාජය කිරීමට නීතියේ ආධිපත්‍යය ස්වාධීනත්වය හා ගරු විනිසුරුවරුන්ගේ ගරුත්වය සුරක්ෂිත කිරීමට අපේක්‍ෂා කරන හා කැපවුණ සියලු ම පුද්ගලයින්ගේ, සංවිධාන හා දේශපාලනලන පක්ෂවල මැදිහත් වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වූවක් බව අවධාරණය කරමු.

මේ පිළිබඳ ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගතය හා අපි එකඟ වෙමු. ජනාධිපතිවරයා හා ආණ්ඩුව වහාම මෙම යෝජනාව හකුලා ගත යුතු යැයි ද ජනතාවගේ පරමාධිපත්‍යය අභියෝගයට ලක් නොකළ යුතු යැයි ද අපි පෙන්වා දෙමු.

සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

ලිෆ්ට් එක හදලා දෙන්නම් කියලා ඡන්දෙ අරන් මාලිමාවෙන් පොල්ල තියලා! තට්ටු 13ටම වැඩ කරන්නේ එක ලිෆ්ට් එකයි! යකා නැග්ග සහස්පුර මිනිස්සු ඔක්කොම පාරට බහී! ‘අපි එළියට බැහැලා ඉන්නේ..! දැන් වරෙව් තොපි ඔක්කොම..!’ VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන්...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.