මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාන් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර ඇත.
පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර 10 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරයේ පළමු පාර්ලිමේන්තු සතිය දෙසැම්බර් 3 වෙනිදායින් ආරම්භ වීමට නියමිතය.










