• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපයෝගිතා කොමිසම ඊයේ රෑ ඉඳන් 20% අඩු කරනවා කිව්වත් ලයිට් බිල අඩුවෙන්නෙ නෑ! විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පැවැසීය.Sri Lanka Latest News

මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා කීවේය.

විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.

සමස්තයක් ලෙස සියලුම කාණ්ඩවලට අයත් විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (17දා) තීන්දුවක් ගත් අතර එය එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයිද එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කොළඹදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගත්තේ 2025 මුල් මාස 6 සඳහා මෙතෙක් පැවැති ගාස්තු එලෙසම පවත්වාගෙන යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ පසු බිමකය.

මෙසේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රති යෝජනාව හා ඒවා සම්බන්ධයෙන් සිදු කළ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තීරණය කළ බව ඔහු කීය.

ඒ අනුව සිකුරාදා දින (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය වන බව කීවේ මේ අයුරිනි.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 30 අතර සියයට 29 කින්, ඒකක 31 – 60 අතර සියයට 28කින්, ඒකක 61 – 90 අතර සියයට 19කින්, ඒකක 91 -180 අතර සියයට 18 කින්, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ විදුලිය ගාස්තුව සියයට 19 කින් අඩු කෙරෙන බවත්, පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 12කින්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 11 කින්ද, හෝටල් සඳහා සියයට 31 කින්ද, කර්මාන්ත සඳහා සියයට 30 කින්ද, ආගමික හා පුණ්‍යායතන සඳහා සියයට 21 කින්ද, වීථී ලාම්පු සඳහා සියයට 11 කින්ද ගාස්තු අඩු කර ඇති බව ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඒකක 0 – 30 අතර ගෘහස්ථ කාණ්‍ඩයේ රුපියල් 100ක් වූ මාසික ගාස්තුව රුපියල් 75 දක්වාත්, ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක් වූ ගාස්තුව රුපියල් 4ක් දක්වා අඩු වන බවත් ඒකක 31 60ත් අතර රුපියල් 250ක් වූ මාසික ගාස්තුව රුපියල් 200 දක්වාත්, ඒකකයත් සඳහා අය කළ රුපියල් 9ක් වූ ගාස්තුව රුපියල් 4 දක්වාත් අඩු වන බවත් හෙතෙම සඳහන් කළේය.

පනතේ ප්‍රතිපාදන අනුව අවසාන නිගමනය මෙය වන අතර, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නීත්‍යනුකූලව මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටින බවත් සඳහන් කළේය.

ලෙකෝ විදුලි පෞද්ගලික සමාගම පෙර ගෙවුම් ගාස්තු ක්‍රමයක් යෝජනා කර තිබූ බවත් එය අප්‍රේල් මාසයේදී පමණ ක්‍රියාත්මක විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඊට කැමැති ලෙකෝ විදුලි පාරිභෝගිකයන්ට මෙම ක්‍රමයට අනුගත විය හැකි බවත් පැවැසීය.

මෙය සරල ක්‍රමයක් බවත් පෙර ගෙවුම් අනුව ඒකක 90 ඒකකයක් සඳහාම රුපියල් 14ක්ද, ඒකක 90 වැඩි ඒකකයක් සඳහා රුපියල් 52ක ගාස්තුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ බවද කීය.

SendShareShare
Previous Post

ජනාධිපතිවරණ නිරීක්ෂණ වාර්තාවත් අරන් යුරෝපා කොමිසමේ තානාපති සජිත්ව හමුවෙන්න ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

වැඩියෙන් ගන්න බෙහෙත්වලට අඩුවෙන් ගන්න! දොස්තරවරුන් ඉල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.