මෙරට පාරිභෝගික සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල හඬක් නගන සිවිල් සංවිධාන සාමාජිකයන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා සිරගෙට යවන දැවැන්ත කුමන්ත්‍රණයක් වත්මන් රජයත් ඔවුන්ට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුත් එකට එකතු වී ක්‍රියාත්මක කරන බවත් මේ කුමන්ත්‍රණය පරාජය කරන්න සමගි ජන බලවේගය එකට සිට ගන්නා බවත් මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ දේශපාලන මෙන්ම නීතිමය කටයුතු, සෙසු අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද මැදිහත් වී ඔවුන් සුරක්ෂා කිරීමට මැළි නොවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දා ගෑස් මිල වැඩි කිරීමට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටිය දී වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයවත් විපක්ෂ නායකවරයා ලෙස තමාවත් කිසිදු පාර්ශ්වයක මිල මුදලට යටත් නොවන බවත් වරදාන වරප්‍රසාද මිලමුදල්වලට ජනාධිපති අගමැති තනතුරුවලට තමා ඇතුලු පිරිස අලෙවි නොවන බවත් මෙසේ මිලමුදල්වලට තනතුරුවලට සිදු කරන ජරා ජීරණ දේශපාලනය නතර කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේ ම සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයන්ට සමගි ජන බලවේගය හා එක්වන ලෙසට ආරාධනා කරන බවත් අනාගතයේ දී ජනතා ආශිර්වාදය මත රාජ්‍ය බලය ලැබුණු පසු විපක්ෂයේ සිටියා මෙන් ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් තමා ඇතුළු පිරිසගෙන් ජනතාවට අඩුපාඩුවක් නොවීමට ද වගබලා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහි දී එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අත්වැල බැද ගැනීම සිදු විය.
එහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා කියා සිටියේ සිවිල් සංවිධානවලට වත්මන් රජය යටතේ රැකවරණයක් නොමැති මොහොතක හා සිය ජීවිතය පවා අනතුරේ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ පාට භේදයකින් තොරව සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කළ යුතු බවත් තමා ඇතුළු පිරිස සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සමගි ජන බලවේගයේ නීතිඥවරුන් 8 දෙනකු යොමු කර ඉන් නිදහස් වීමට උපකාරී කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් ය.
එසේ ම ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම අත්අඩංගු වීම සිදුවූ බවත් මේ මොහොතේ පවා තමා ඇතුළු සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවත් ඒ සියලු අවස්ථාවල තමා ඇතුළු සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නැවත වරක් ස්තූති වන බවත් මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.
මේ අවස්ථාවට පුරවැසියා සංවිධානයේ සභාපති රවීන්ද්‍ර නිශ්ශංක, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ස්වයං රැකියා කාන්තා සංගමයේ සභාපති ධම්මිකා රණසිංහ, ස්වයං රැකියා කාන්තා සංගමයේ ගම්පහ සභාපති ඩොරින් රන්දෙනිය, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක යොහාන් මනුනාථ, ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ, ස්වයං රැකියා කාන්තා සංවිධානයේ ලේකම් ඩී. බී ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














