නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝග නොතකමින් නැවතත් මෙරටට පැමිණීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.Sri Lanka Latest News
එළඹෙන දෙසැම්බර් මාසයේදී ඒ හරහා බොරතෙල් ගොඩබෑමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබියදී නීතිපතිවරයා විසින් එම නැව මෙරටට ඇතුළුවීම තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් නම හා ලියාපදිංචි රට වෙනස් කර නැවත මෙරටට ළඟා වීමට සූදානමින් පසුවෙයි.
දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ඉන්දුනීසියානු ධජය යටතේ ලියාපදිංචි කරමිනි.
මෙම නැව මීට පෙර ලංකාවට බලා පැමිණෙමින් තිබියදී නීතිපතිවරයා විසින් එය මෙරටට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර තිබුණේ ගනුදෙනු නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමිනි.
මෙරටට මහා පරිමාණයෙන් බොරතෙල් සපයන සැපයුම්කරුවකු දේශපාලන සබදතාවක් සමඟ මෙම ගණුදෙනුව පසුපස සිටින බව ද හෙළි වී ඇත.
මෙම නෞකාව රුසියාවේ සිට මුලින්ම පිටත්ව මෙරටට ළඟා වීමට නියමිතව තිබුණේ ජූලි මාසයේදීය.
නීතිපතිගේ නියෝගයක් සමග මේ වනතුරු නැව ජාත්‍යන්තර මුහුදේ රඳවා ගෙන සිටී. -ලංකාසීනිව්ස්










