ජනවාරි සිට මැයි දක්වා වසරේ මුල් මාස පහට අදාලව අයවැය හිගය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බව මහබැංකු වාර්තා සදහන් කරයි.Sri Lanka Latest News
මහබැංකු වාර්තාවන්ට අනුව, අදාල කාල සීමාව තුළ, රජයේ ආදායම 38% කින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාල කාල සීමාව සදහා රජයේ ආදායම රුපියල් බිලියන 812.7 කි. මේ වසරේ දී එය රුපියල් ට්‍රිලියන 1.1 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ වියදම දෙස බැලූ විට, මේ වසරේ රජයේ වියදම 47% කින් ඉහළ ගොස් තිබේ.
අදාල කාල සීමාව සදහා පසුගිය වසරේ රජයේ වියදම රුපියල් ට්‍රිලියන 1.45 ක් වූ අතර, මේ වසරේදී එය රුපියල් ට්‍රිලියන 2.13 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ආදායම් සහ වියදම් අතර වෙනස හේතුවෙන් මේ වසරේ මුල් මාස පහට අදාලව අයවැය පරතරය, රුපියල් ට්‍රිලියන 1. 01 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාල කාල සීමාව ත-ුළ අයවැයි හිගය පැවතියේ රුපියල් බිලියන 636.7 ක් ලෙසයි.










