වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන විට ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් ජනාධිපතිවරයා පවා නොදැන, අදාළ වගකිව යුත්තන් නොදැන සිරකරුවන් නිදහස් වන බවත් වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323ක් පවා නිදහස් වී ඇති බවත් කිසිම තැනක ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපති සමාව යටතේ නිදහස්වන සිරකරුවන් ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරින් නොදන්නේ නම් බහලුම් ගැන වගකියන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් රතු ලේබල් කන්ටේනර් 323ක් නොදැන ද නිදහස් වූයේ ද කියා ගැටලුවක් ඇති බවත් මේ කන්ටේනර්වල ඇති භාණ්ඩවලට වගකියන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අයවැය තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් පොලි වැඩි කිරීමද සිදු නොවූ බවත් සෑම රජයක්ම 15%ක ඉතිරි කිරීමේ පොලියක් දුන්නත් අද එය අහිමි වී ඇති බවත් එතැනත් ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් බොරුව වංචාව ඇන්දවිල්ල මුලාව අදටත් ක්‍රියාත්මක බවත් ක්‍රමයේ කිසිදු වෙනසක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන බවත් දැන්වත් රටේ ජනතාව මංමුලා නොකර සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










