• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දකින්න ඇස් නැති කතා කරන්න දිව නැති කතානායකවරයෙක් ඕනෑ කර තිබේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

1977 මහ ඡන්දයට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම එවක විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන කතානායක ස්ටැන්ලි තිලකරත්නට යෝජනාවක් ගෙන ආවේය.Sri Lanka Latest News

‘ඔබ ස්වාධීනව තරග කරන්න. අපි යූ.ඇන්.පී.යෙන් අපේක්ෂකයෙක් දමන්නේ නැහැ…’

මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පත් කළ කතානායක ස්ටැන්ලි තිලකරත්නට කළ යෝජනාවය. ජේ.ආර්. එම යෝජනාව කළේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පත්කළ කතානායකවරයෙක් ලෙස ස්ටැන්ලි මධ්‍යස්ථව සිය රාජකාරිය ඉටුකළ නිසාය. ඒත් ස්ටැන්ලි ස්වාධීනව තරග කරන ලෙසට ජේ.ආර්. කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ස්ටැන්ලි තරග කළේ ශ්‍රීලනිපයෙනි.

කතානායකවරයකු ඊළඟ මහ ඡන්දයට තරග කරද්දී විපක්ෂයෙන් අපේක්ෂකයෙක් කතානායක අසුනට තරග නොකරන්න දැමීම පරණ සම්ප්‍රදායකි. මේ සම්ප්‍රදාය පටන්ගත්තේ සර් ඇල්බට් පීරිස්ගෙන්ය. නිදහස් ලංකාවේ පළමු කතානායක වූ මොලමුරේ කතානායක අසුනේ සිටියදීම ස්ට්‍රෝක් එකක් නිසා මියගිය පසු කතානායක ධුරයට පත්වූයේ සර් ඇල්බට් පීරිස්ය. 1952දී එවක විපක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ විපක්ෂයේ සිටි ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සර් ඇල්බට් පීරිස්ට එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ නැත. ඒ සඳහා කොන්දේසිය වුණේ ඔහු ස්වාධීනව තරග කළ යුතු බවය. සර් ඇල්බට් පීරිස් යූ.ඇන්.පී.යෙන් තරග නොකොට ස්වාධීනව ඉදිරිපත් විය.

මේ සම්ප්‍රදාය ඇතිකළේ කතානායක ධුරයට පත්වන්නා ගෞරවනීය පුද්ගලයකු ලෙස සලකාය. ඔහු හෝ ඇය කතානායක ධුරයේ සිටියදී දේශපාලනය නොකරන නිසා ගරු කිරීමක් වශයෙන් ඔහුට යළිත් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවස්ථාව දීමට ඒ සම්ප්‍රදාය ගොඩනැගුණි. කතානායකවරයාට එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීමේ සම්ප්‍රදාය එකල විපක්ෂය අකුරට රැක්කේ කතානායකවරයා කතානායක ධුරයට පත්වීමෙන් පසු නිර්පාක්ෂික වන නිසාය. 

1977න් පසු මේ සම්ප්‍රදාය අකුරටම ආරක්ෂා වුණේ නැති වුණත් තම සීමාවල් තුළ කතානායකවරු සම්ප්‍රදාය ආරක්ෂා කළහ. 1977 මහ ඡන්දයෙන් පසු ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයට විපක්ෂ නායකත්වය අහිමි විය. පක්ෂයට හිමි වූයේ මන්ත්‍රීවරු 8 දෙනෙකි. යූ.ඇන්.පී. ආණ්ඩුවට හයෙන් පහක බලයක් හිමිවිය. ඒත් ඒ ආණ්ඩුවේ පත් කළ කතානායකවරුන් වූ ආනන්ද තිස්ස ද අල්විස්, බාකීර් මාකර්, ඊ.ඇල්. සේනානායක ඒ මන්ත්‍රීවරු 8 දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළහ. හයෙන් පහක ආණ්ඩුවකට ඒ 8 දෙනාගේ කටවල් වහන්න ඉඩ දුන්නේ නැත. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ කතානායක වූ එම්.එච්. මොහොමඞ් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව විපක්ෂය අස්සන් කොට දුන් දෝෂාභියෝගයත් පිළිගත්තේය. 2000 කතානායක ධුරයට පත් අනුර බණ්ඩාරනායක එවක අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝගය විවාද කිරීම නතර කරන්න යැයි අධිකරණයෙන් සහ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් කළ බලපෑමට යටවුණේ නැත. 2015 කතානායක ධුරයට පත් කරු ජයසූරිය පාර්ලිමේන්තු බහුතරය හිමි අගමැති රනිල්ව ජනාධිපති ව්‍යවස්ථා විරෝධීව නෙරපන ලද විට පාර්ලිමේන්තුව තුළ ඒ පුරුද්ද නිවැරැදි කළා පමණක් නොව ඔහු නියෝජනය කළ පක්ෂයේ පරම හතුරා වූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගත්තේය. කේ.බී. රත්නායක, ජෝශප් මයිකල් පෙරේරා, වි.ජ.මු. ලොකුබණ්ඩාරද කවදාවත් විපක්ෂයෙන් දොසක් අහන්න වැඩ කළේ නැත. රාජපක්ෂ පවුල විසින් කතානායක ධුරයට පත්කර ගන්නා ලද චමල් රාජපක්ෂද එසේමය. 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ විට ඔහු රාජපක්ෂ පවුල පරාජය කරපු වෛර පිරිමහන්න ගියේ නැත. ඔහු ජන වරමට හිස නමා සමබරව පාර්ලිමේන්තුව මෙහෙයවීය.

වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක් ගෙන එන්නේ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් කතානායකවරයා ක්‍රියා කළ ආකාරය පිළිබඳ චෝදනා කරමිනි. ඔන්ලයින් පනත ආණ්ඩුව ගෙනාවේ නිදහස් අදහස් මර්දනය කරන්නටය. ලංකාවේ නිදහස් මාධ්‍ය ආරක්ෂා කරගන්න අභීතව ඉදිරිපත් වූ කතානායකවරු දෙදෙනෙක් වන්නේ කතානායක හියු ප්‍රනාන්දු සහ කතානායක ස්ටැන්ලි තිලකරත්නය.

1964 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පුවත්පත් පාලනයට පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබීය. එම පනත හකුළා ගන්න එවක විපක්ෂ මන්ත්‍රී ජේ.ආර්. කළ සටන සහ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පත් කළ කතානායක හියු ප්‍රනාන්දු සහාය දුන් හැටි ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සටහන් වන්නේ මෙසේය. 

‘පනත ඉදිරිපත් කරමින්ද, දෙවැනි වර කියැවීමේ දිනය 1965 පෙබරවාරි 02 දින වශයෙන් නම් කරමින්ද, නයින මරික්කාර් සහ රාජපක්ෂ යන මහත්වරුන් විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇතැයි කතානායකවරයා මයිකල් සිරිවර්ධනට දැනුම් දුන්නේය. ‘පනත කියැවිය හැකිදැ’යි කතානායකවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ප්‍රථම කාර්ය පරිපාටිමය වරද සිදුකරමින් පනත ‘හෙට’ කියැවිය හැකිය යනුවෙන් සිරිවර්ධන ප්‍රතිචාර දැක්වූයේය. ඊළඟට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට ජේ.ආර්.ගේම වචනවලට අපි අවධානය යොමු කරමු.

‘හෙට’ යැයි සිරිවර්ධන මහතා කී විට මම බාධා කළෙමි. 

‘දෙවැනි වර කියැවීම ඔබ කීවේ කවදා කියාද? ‘හෙට’ යැයි සිරිවර්ධන නැවතත් කීවේය. ඔවුන් වරදක් කර ඇති බව මම දැනගතිමි.’

කිසියම් පනතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අමාත්‍යවරයකු විසින් ඉදිරිපත් කරනු ලැබ කතානායකවරයා, දෙවැනි වර කියැවීම කවදා දැයි ප්‍රශ්න කළ විට ‘හෙට’ යැයි අමාත්‍යවරයා පිළිතුරු දීම සාමාන්‍ය සිරිතයි. කවර හෙයින්ද යත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්බන්ධයෙන් වූ විට, පළමු වැනි කියැවීම සහ දෙවැනි වර කියැවීම අතර කාල පරතරයක් නැති නිසා දෙවැනි වර කියැවීමද එක්වරම කළ හැකි වන හෙයිනි. එහෙත් සෙනට් සභාවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත යොමුකරනු ලබන පනතක් සම්බන්ධයෙන් අනුගමනය කරන කාර්ය පාටිය එය නොවේ.

ජේ.ආර්. වහාම නැගී සිට ස්ථාවර නියෝග උල්ලංඝනය කර ඇති නිසා සිරිවර්ධන විසින් පනත ඉදිරිපත් කරනු ලැබීම විධිමත් නොවන අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කරනු ලැබ ඇති ‘පනත ඉදිරිපත් කිරීම’ ස්ථාවර නියෝගවලට අනුකූල හෙයින් වලංගු බවත් පෙන්නා දුන්නේය. තම ප්‍රධාන සංවිධායකවරයා වරදක් කර ඇති බව ආණ්ඩු පක්ෂයට අවබෝධ වුවද, නිවැරැදි කාර්ය පරිපාටිය අනුගමනය කර ඇතැයි ඔහු ඉදිරිපත් කළ තර්කය තහවුරු කිරීමට රජය දිගින් දිගටම යත්න දැරුවේය. විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු විසින් මෙසේ පනත ඉදිරිපත් කරනු ලැබීම අද්විතීය සිද්ධියක් වුවද, එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නීතිරීතිවලට එකඟ වූවකි. කලබල මධ්‍යයේ විවාදය කල්තැබූ කතානායකවරයා සවස 4ට තම තීරණය දන්වන බව ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කරන ලද  ‘පනත ඉදිරිපත් කිරීම’ කාර්ය පරිපාටිමය වශයෙන් නිවැරැදි යැයි කතානායකවරයා තම තීරණය ප්‍රකාශයට පත්කළ විට ඔහුගේ තීරණය වැරැදි බවට යෝජනාවක් රජය ඉදිරිපත් කළේය. මාස කිහිපයකට පසු මේ සිදුවීම මතකයට නගමින් කතානායකවරයා මෙසේ සඳහන් කළේය.

‘මේ සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක් ඩඞ්ලි සේනානායක විසින් මතුකරන ලදී. ඉන් අනතුරුව ඇතිවුණු දීර්ඝ විවාදයේදී මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මට තර්ජනයක් එල්ල කළේය. ඒ, මගේ තීරණය රජයට විරුද්ධ වුවහොත් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට කෙරුණු තර්ජනයකි. මගේ තීරණයට එළඹීම සඳහා මන්ත්‍රී මණ්ඩලය මට ප්‍රමාණවත් කාලයක් දුන්නේය. මේ යෝජනාවලට අදාළ සියලු රීති ප්‍රශ්න සලකා බැලීමට මට සිදුවිය. එදා සවස 6.30ට සභාව අත්හිටුවූ තැන් පටන් ඊට පසුදා සවස 4ට තීරණය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව දක්වා කාලය තුළ මගේ ජීවිතයේදී මා අත්විඳි දරුණුම පීඩාවට මම පත්වූයේමි. මයිකල් සිරිවර්ධන සහ ඩී.ඇස්. ගුණසේකර වැනි ශ්‍රීලනිප අමාත්‍යවරු කතානායකවරයාගේ කාමරයට වැද නා නා විධියේ යෝජනාවන් කළහ. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකුත් මගේ තීරණය කෙරේ බලපෑම් කිරීමට කිසි ලෙසකින් හෝ වෑයම් නොකළ බව විපක්ෂයට ගෞරවයක් වශයෙන් මෙහි දී සඳහන් කළ යුතුය.’

ඩඞ්ලි සේනානායක විසින් මතුකරන ලද රීති ප්‍රශ්නය කතානායකවරයා පිළිගත්තේය. කතානායකවරයාගේ තීරණය ප්‍රශ්න කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් විනිශ්චය කළේය.’

1970 – 77 බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ ලේක්හවුස් පවරාගන්න පනත ගෙන ආ වෙලාවේ සමගි පෙරමුණු ආණ්ඩුව පත් කළ කතානායක ස්ටැන්ලි තිලකරත්න පනත ඉදිරිපත් කළ ආකාරය දෝෂ සහිත යැයි කියා තීන්දුවක් දුන්නේය. මෙයින් මුදල් ඇමැති ඇන්.ඇම්. පෙරේරා කෝපයට පත්විය. 

‘අපි ඔබතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවා…’ 

ඇන්.ඇම්., ස්ටැන්ලි තිලකරත්නව බයකරගන්න තර්ජනය කළේය. මෙම තර්ජනය දැක විපක්ෂ නායක ජේ.ආර්. අසුනින් නැගිට අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගෙන් මෙසේ ඇසුවේය.

‘කතානායකතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ආණ්ඩුවේ මතයද?’

අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය නැගිට ‘නැත’ යනුවෙන් කීවාය. ඇය පසුව කතානායකගේ තීන්දුව පිළිගෙන වැරැද්ද හදන්න නියෝග කළාය. 

ඩඞ්ලි සේනානායකගේ අවමඟුල වෙලාවේ යූ.ඇන්.පී. පාක්ෂිකයන් අගමැතිනි බණ්ඩාරනායක මැතිනියට ‘හූ’ කියද්දී ස්ටැන්ලි තිලකරත්න ‘හූ’ කී අයට අවවාද කරමින් කීවේ මෙවැනි අශිෂ්ට ක්‍රියා නොකරන ලෙසය.

ඔහු ඇයව තම පක්ෂයේ නායිකාව ලෙස පිළිගත්තේය. තමා කතානායක පුටුවේ ඉන්නේ ඇය නිසා බවද ඔහු දැන නොසිටියා නොවේ. ඔහු ඇයට උපරිම ගෞරවය දුන්නේය. හැබැයි රටට බලපාන අණ පනත්වලදී ඇයවත් ඇගේ ආණ්ඩුවවත් නිවැරැදි කළේය. 

අද රටට අවශ්‍ය එවැනි කතානායකවරයෙකි.

කතානායකවරයාගේ කාර්යභාරය ගැන ලොව කොහේ හෝ පාර්ලිමේන්තුවක කතාකරන වෙලාවක උපුටා දක්වන කතාවක් වෙයි. ඒ, බි්‍රතාන්‍යයේ පළමුවැනි චාල්ස් රජු සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අතර ගැටුමයි. ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ රජුගේ හිතුවක්කාර ක්‍රියා සියල්ලට එරෙහිව කතානායක ලෙන්තොල් නැගී සිටියේය. 

‘මට දකින්නට ඇස් හෝ කතා කරන්නට දිව හෝ නැත…’

මේ, කතානායකවරයාගේ ඓතිහාසික ප්‍රකාශයය. ඔහු රජුව පයෙහි පෑගෙන දූවිල්ලකට ගණන් නොගෙන රජු සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අතර ගැටුමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආරක්ෂා කළේය.

දකින්නට ඇස් නැති, කතා කරන්නට දිව නැති කතානායකවරයෙක් ලංකාවට ඕනෑ කර තිබේ. 

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සීනි වංචාව වගේම මහා වංචාවක්! අවුරුදු 5ක් කිරිපිටි සමාගම් මිනිස්සුන්ගෙන් ගසා කාලා! මිල සූත්‍රය ක්‍රියාත්මක නොකර කිරිපිටි සමාගම් කෝටි ගණන් සල්ලි හම්බකරලා! අඩුම තරමේ මිල සූත්‍රයක් තියෙනවා කියලාවත් නිලධාරීන් දන්නේ නෑ! කෝටි ප්‍රකෝටි ගණන් ලබා ගත්ත මේ ‌සමාගම්වලට දෙන දඬුවම මොකද්ද? ‌අපි බලාගෙන ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

වවුනියාවේ වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ මහා ශිව රාත්‍රී පූජාවන්ට සහභාගී වූ මන්ත්‍රී ගජේන්ද්‍රන් පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.